පාසල් අධ්‍යාපනය ශ්‍රවණාබාධිත දරුවෙකුට අභියෝගයක්ද ?

             පාසල් අධ්‍යාපනය ශ්‍රවණාබාධිත දරුවෙකුට අභියෝගයක්ද ? 






         සාරාංශය 

  • යම් ශ්‍රවණාබාධිත දරුවකු පාසලට ඇතුළත් කිරීමට වසරකට පෙර දෙමාපියන් විසින් එහි උගන්වන විෂය ධාරා  අත්පොත් වල පිටපත් තබාගැනීම ඉතාමත් වැදගත් . එමගින් තම දරුවාගේ භාෂාමය දැනුම් මට්ටම අනුව ඔහුට එම   විෂය නිර් දේශය ඉගෙන ගත හැකිද ? නැත්නම් තව භාෂාමය  දැනුම් මට්ටමක් ලබාදිය යුතු ද දෙමාපියන්ට තීරණය කළ හැකිවේ . 
  • පාසැලේදී ඇතිවිය හැකි හදිසි අවශ්‍යතා සහ අවස්ථාවලදී භාවිතා කරන දෙබස් ආදිය දරුවා සමග සාකච්ජා කිරීම ඒවාට හුරු කරවීමෙන් ශ්‍රවණාබාධිත දරුවෙකු පාසලේ පරිසරයට වඩාත් සමීප විය හැක 
                          පාසල් අධ්‍යාපනයෙන් පමණක් ඕනෑම අයෙකුගේ ඉගෙනීම් කටයුතු අවසන් වේද ?


            මෙලොවට යමෙක් බිහි වූ දා පටන් ජීවිතයේ අවසාන හෙළන තාක් පවතින ජීවිත කාලය පුරාවටම ඉගෙන  ගන්නට තිබෙන කරුණු කාරණා ප්‍රමාණය මෙතරම් යැයි පැවසීමට කා හටත් හැකියාවක් දආබාධිත  ඇත්තේ නැහැ නමුත් ජිවිතයේ මුල්ම අවධියේදී ලබන අධ්‍යාපනය මත ඉතිරි ජීවිත කාලයම ගොඩනැගෙන බවද විශේෂයෙන් සදහන් කළ යුතු අතර එම මූලික අඩිතාලම ලැබෙන්නේ අපගේ ළමා අවධියෙන් බවද අනිවාර් යෙන්ම දැනගත යුතුයි . 

       තමාගේ අදහස් සිතුම් පැතුම් ආදී සියල්ලම දරුවෙකු සන්නිවේදනය කිරීමට ඉගෙන ගන්නේ මෙම කාලසීමාවේදී බැවින් එම අධ්‍යාපනය නිසි ලෙස මෙන්ම වඩා විධිමත් අයුරින් ලබා දීමත් අත්‍යවශ්‍ය කාරණයක් මෙම වගකීමේ මුල්ම කොටස් කරුවන් බවට පත්වන්නේ මව සහ පියා  වන අතර පවුලේ අනෙකුත් සාමාජිකයන්ට යම් වගකීමක් දැරීමට සිදු වේ . භාෂාව හැසිරවීම සමගින් තම අදහස් නිසි පරිදි සන්නිවේදනය කරන්නේ කෙසේ දැයි ඉගෙන ගත්තද එහි විධිමත්භාවය වඩා වර් ධනය කරගත හැක්කේ පාසල් අධ්‍යාපනය හරහාය . 
 
      නිවසේදී ඔවුන්ට අවශ්‍ය මූලික සන්නිවේදනය පිළිබද දැනුමවත් ලබා දෙන්නේ කෙසේද ?

        ආබාධිත තත්ත්වයන් ගණනාවක් තිබුණ ද ඒ අතුරින් ශ්‍රවණාබාධ විශේෂත්වයක් හිමි කරගනු ලැබේ . අනෙකුත් දරුවන්ට මෙන් නොව විශේෂයෙන් කථනය පුරුදු පුහුණු වීමේදී මොවුන් මුහුණ දෙන අභියෝග ප්‍රමාණය ඉතාමත් ඉහළයි . ඒ වගේම අදාළ මව්පියන්ටද එහි වගකීම ඉතාමත් වැඩි වන අතර නිවසේදී මෙන්ම එම දරුවා පාසැල් අධ්‍යාපනයට යොමු වූ විට ගුරුවරුන්ටද එම කාර් යභාරය එකසේ අදාළ වනු ඇත . කෙසේ වෙතත් එවැනි දරුවෙකුගේ භාෂාමය දැනුම ,ස්වාධීනත්වය ,තමාව හදුන්වා දීම මෙන්ම ජීවිතය හා සමාජීය හැකියාවන් යන ආදී සෑම කරුණකදීම ඔවුන් ලබන අධ්‍යාපනය කෙතරම් වැදගත්ද යන්න පිළිබද සාකච්ජා කිරීම ඉතාමත් වැදගත් . එවනි කරුණු කාරණා පිළිබද දැනුවත් වීම හරහා ඔබගේ දරුවා ඉදිරියේදී අධ්‍යාපන කටයුතු වලට මුහුණ දීමට තරම් ශක්තිමත් මනා  පෞර් ෂයකින් හෙබි අයෙක් බවට පත් කරගත හැකියි .

        භාෂාමය දැනුම මුලිකත්වයක් හිමිකර ගනු ලබන අතර නිසි භාෂාමය හැකියාවක් දරුවාට         ලබාදීමට නම් මුලිකව දෙමාපියන් විසින් ඉටු කළ යුතු කරුණු 

                යම් ශ්‍රවණාබාධිත දරුවකු පාසලට ඇතුළත් කිරීමට වසරකට පෙර දෙමාපියන් විසින් එහි උගන්වන විෂය ධාරා අත්පොත්වල පිටපත් තබා ගැනීම ඉතා වැදගත් . මෙය වඩාත් විධිමත්ව මෙන්ම ක්‍රමානුකූලව සිදු කළ යුතු ක්‍රියාවලියකි . ඒ වගේම පාසලේදී ඇතිවිය හැකි අවශ්‍යතා සහ අවස්ථාවලදී භාවිතා කරන දෙබස් ආදීය දරුවා සමග සාකච්ජා කිරීම , ඒවාට හුරුකරවීමද ශ්‍රවණාබාධිත දරුවෙකු පාසලේ පරිසරයට වඩ වඩාත් සමීප කළ විය හැකිය . 

 




Comments