" Suger Free " වුණත් වැඩියෙන් කන්න එපා

    

                                " Suger Free " වුණත්  වැඩියෙන් කන්න එපා 

        ගැටලුව 

    දියවැඩියා රෝගීන් සදහා චොක්ලට් ,ජෑම් බිස්කට් වැනි සීනි රහිත  (Suger  Free ) ආහාර තිබෙන අතර මා එම බිස්කට් තේ වෙලාවට දිනකට දෙවරක් උදේ සවස ලබා ගන්නෙමි .  චොක්ලට් ද සතියකට වරක් ලබා ගත්තෙමි . මෙම ආහාර නිසා කිසිදු ආකාරයකින් සිනී වැඩි වීමක් සිදු නොවේ . මා දිනපතා ග්ලූකෝ මීටරයක් මගින් මේ බව පරීක්ෂා කරමි . මට දැන ගැනීමට අවශ්‍ය මෙම ආහාර දියවැඩියා රෝගයට අහිතකර කෘත්‍රිම රසායනික අඩංගු  ද යන්නයි . 

      පිළිතුර 

    ඉහත පැහැදිලි කර තිබෙන තොරතුරු අනුව ඔබ දියවැඩියා රෝගී අයෙකු බව ඉතා පැහැදිලි වේ . ඒ වගේම ඔබ මනාව රුධිරගත සීනි  ප්‍රමාණය යම් පාලනයකට ලක් කර ඇති නිසා සිනී රහිත ආහාර වර් ග භාවිතා කිරීම වරදක් නොවේ .ඊට හේතුව එම ආහාර  පැණි රසයෙන් යුක්ත වුවත් කැලරි වලින් තොර නිසයි . ඒ වගේම ආහාරවල කෘත්‍රිම රසායනික ද යම් තරමක් අඩංගු අතර ඒවා සීනි රහිත වුවත් අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා භාවිතා නොකිරීමටද ඔබ වග බලාගත යුතුයි . 


   

Comments