ඔබත් සිරවුණු තැන්වල ඉන්න බයයි ද ?
මෙම රෝගී තත්ත්වය Agoraphobia ලෙසින් හැදින්වෙනවා .මෙම තත්ත්වය ඇති විවිධ රෝගීන් විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා . එම රෝගීන් අතුරින් සමහරු තනිව නිවසින් පිටව යාමට බියක් දක්වන අතර තවත් තවත් පිරිසක් විදුලි සෝපානවල යාමට බියවේ. මීට අමතරව ගොඩනැගිලිවල යටමහල්වලට යාමට නොහැකි වීම මෙන්ම ඇතැම් අයට රාත්‍රියට නිදා ගන්නා අවස්ථාවේදී විදුලි ආලෝකය නිවා දමන විට භයානක හැගීම් මේ නිසා ඇතිවන අවස්ථා ද තිබේ. තවත් සමහර අයට වතුර මලකින් ස්නානය කිරීමේදී පවා හුස්ම හිරවෙනවා වැනි හැගීමක් ඇති වන අවස්ථා දක්නට ලැබේ. හුස්ම හිරවෙයි වැනි හැගීමක් දැනීම ,ක්ලාන්ත වී වැටෙයි වැනි හැගීමක් හෝ තවත් සමහර අයට තමාට තමාව පාලනය කර ගැනීමට නොහැකිවේවි වැනි බිය මුසු හැගීම් ඇතිවීම Agoraphobia වලදී පොදුවේ දැකගත හැකි පොදු ලක්ෂණ ලෙස පැහැදිලි කළ හැකියි.
මිනිසාගේ අනුවේගී ස්නායු පද්ධතිය නිර් මාණය වී ඇත්තේ විවිධ පාරිසරික උත්තේජක , විශේෂයෙන්ම බාහිර පාරිසරික අවධානම් තත්ත්ව වලට ප්‍රතික්‍රියා දැක්වීමටයි. නමුත් මෙම Agoraphobia තත්ත්වය යටතේදී සැබෑ අවදානමක් නොමැති අවස්ථාවන්වලදී අදාළ පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයට විශාල වශයෙන් බලපෑම් ඇති වනු ලැබේ.සාමාන්‍ය ජීවිතයේදී පුද්ගලයන්ට මුහුණ දීමට සිදුවන අත්දැකීම්වලදී එක්තරා බියක් ඇතිවීම ස්වභාවික වන නමුත් මෙම රෝගීන්ට සාමාන්‍ය පුද්ගලයකුට දැනට බිය කිහිප ගුණයකින් දැනීම නිසා ශාරීරික අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වේ.
මෙම රෝගී තත්ත්වය සම්පූර් ණයෙන්ම සුව කළ හැකි අතර ඒ සදහා යොදා ගැනෙන්නේ මනෝ චර් යාත්මක ප්‍රතිකාරයි. මුහුණ දෙන යටි සිත ආශ්‍රය කරගත් බිය පිළිබඳ චර් යාත්මක ප්‍රතිකාර යටතේ අදාළ රෝගියාට අවබෝධ කර දෙනු ලැබේ. මෙම ප්‍රතිකාර යටතේ රෝගියාගේ අනුවේග ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වීමේ ස්වාභාවය සාමාන්‍ය මට්ටමකට පත් කිරීම මෙන්ම බියට මුල් වන හේතුව අරුත් රහිත බව මෙහිදී රෝගියාට අවබෝධ කරදී සාර් ථකව රෝගය පාලනය කළ හැකියි.
Comments
Post a Comment