ඔබත් නිසි නින්දක් නොලැබීම විෂාදයේ ලක්ෂණයක්ද ?

     ඔබත් නිසි නින්දක් නොලැබීම විෂාදයේ ලක්ෂණයක්ද ? 

  සාරාංශය 




    සාමාන්‍යයෙන් ජීවිතයේදී ඇති වන දුක ජීවිත අත්දැකීම් සමගම ස්වාභාවිකවම තුනී වී ගියත් ඊට හේතුව හඳුනාගෙන විසඳුම් සොයාගැනීම ඉතා වැදගත්. ඒ වගේම දුක තුනී කරගැනීම සදහා හිතවතෙකුට දුක ප්‍රකාශ කිරීම ,සතුටුදායක ක්‍රියාවල යෙදීම ,සැලසුම් සහගත ලෙස ප්‍රශ්න විසදීමට උත්සහා කිරීම වැනි ක්‍රියාමාර් ග  ගැනීම ඉතා වැදගත්. සාමාන්‍ය දුක තමාට තනිව පාලනය කරගත නොහැකි නම් මනෝවෛද්‍ය උපදේශන ලබා ගැනීම දුක අඩු කිරීම සදහා ප්‍රයෝජනවත් වේ.

    ශෝකය දුක වැනි හැගීම් නිසා අප කාගේත් ජීවිත තාවකාලිකව යම් පීඩනයන්ට පත් වේ.නමුත් ඇතැම් මානසික රෝග තත්ත්ව නිසා සිතේ ඇතිවන දුක් සෝ සුසුම් බරපතළ ලෙස දීර් ඝ කාලීනව අපගේ සාමාන්‍ය ජීවිතයට ගැටලු ඇති කරනු ලැබේ. නිරන්තරව කනගාටුවෙන්, කනස්සල්ලෙන් පසුවීම ජීවිතයේ ගුණාත්මක භාවයටද  ඇති කරන්නේ විශාල බලපෑමක් .එසේ දුක මූලික කරගත් මානසික රෝග තත්ත්ව පවතින ඇතැම් ලක්ෂණ පෙර සදහන් කළ සාමාන්‍ය ජීවිතයේ හැගීම් සමග පටලවා ගැනීම සමාජය තුළ දැක ගත හැකි සුලබ තත්ත්වයක්. රාත්‍රියේ දී නින්දෙන් අවදි වීම එසේ අවදි වූ පසුව නැවත නින්දට යාම අපහසුවීම ,උදැසන අවදිවන විට විවිධ අසුබවාදී සිතුවිලි මෙනෙහි වීමද මෙම විෂාද රෝගීන්ගේ සුලබ ලක්ෂණයක් ඒ වගේම රාත්‍රී නින්දේදී භයානක සිහින පෙනීම ද මෙම රෝගීන් අතර දැක ගත හැකි තවත් රෝග ලක්ෂණයක්. මීට අමතරව කෑම රුචිය අඩු වීමද විෂාදයේ ලක්ෂණයක් වන නමුත් මේ රෝග හේතුව නිසාම තවත් සමහර අයට කෑම රුචිය වැඩිවන අවස්ථා ද දැකගත හැකිය. සාමාන්‍ය දුකේදීත් ආහාර රුචිකත්වය අඩු වුණත් එය ඉතාම තාවකාලිකව ඇති වන තත්ත්වයක්. නමුත් විෂාදය නිසා ඇතිවන කෑම අරුචිය හේතුවෙන් ශරීරය කෘෂවීම ,මලබද්ධය ආදී රෝග ලක්ෂණ ඇති කරනු ලැබේ. විෂාදයේදී රෝගීන් මුහුණ දෙන තවත් ගැටලුවක් වන්නේ ලිංගික ආශාව ආශ්‍රිතව ඇතිවන තත්ත්වයයි. ඒ අනුව සාමාන්‍ය දුකකදී තාවකාලීකව ලිංගික ආශාව අඩු වුණත් විෂාදයේදී එය දිගින් දිගටම අඩුවිය හැකියි. 

      විෂාදය ඇතැම් විට දුක මූලික කරගෙන ඇති වූවත් ඇතැම් අය නොරිස්සුම්සහගත බව මෙන්ම තරහව ද ප්‍රධාන  රෝග ලක්ෂණ ලෙස සැලකෙන අවස්ථාද තිබේ. එවන් අවස්ථාවලදී විෂාදය ඇතිවුණු තැනැත්තන් තුළ දැකගත හැකි ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස දුක හඳුනාගත නොහැකියි. ඒ වගේම සාමාන්‍ය දුක තත්ත්තවයකදී දුකට පත් වූ තැනැත්තා තමන්ගේ දුක තවත් අය සමග බෙදා ගත්තත් විෂාදයේදී එසේ සිදු නොකරනු ලැබේ . විෂාදයට පත් වූ තැනැත්තා තමා දුකින් බවද හඳුනා නොගනියි. එවැනි පුද්ගලයන්ගෙන් (විශේෂයෙන් වැඩිහිටියන් හා දරුවන් ) තමා දුක්වන බව අන් අයට ප්‍රකාශ නොවන අතර එය වෙනත් ආකාරයකට පිටතට පැමිණිය හැකියි. බොහෝ විට එවැනි පුද්ගල කණ්ඩායම්වල විෂාද රෝග ලක්ෂණ මතු වන්නේ කායික රෝග ලක්ෂණ ලෙසයි. උදාහරණ ලෙස නිරන්තරව පවතින විවිධාකාර ශාරීරික ආබාධ ,(හිස කැක්කුම් , කොන්දේ වේදනාව ,උදර වේදනාව ආදිය ) වැඩි මහලු  අය තුළ විෂාදය ආශ්‍රිතව දැකගත හැකි ප්‍රධාන රෝග ලක්ෂණයක් .කෙසේ වෙතත් මෙම රෝග තත්ත්ව විද්‍යාත්මකව හෝ සායනික පරීක්ෂාවක් මගින් කිසිදු කායික රෝග අවස්ථාවක් ලෙස හඳුනාගැනීමට නොහැකි වන අතර එම කායික රෝග ලක්ෂණ ඇතිවන්නේ විෂාදය හේතුවෙනි.ඒ වගේම  දරුවන්ට ඇතිවන විෂාදයේදී සිතේ ඇතිවන දුක් හැගීම් ඔවුන්ට ප්‍රකාශ කිරීමට නොහැකි වන අතර එම දුක ප්‍රකාශ වන්නේ වෙනත් විකල්ප උපක්‍රම භාවිතා කිරීමෙනි. උදාහරණ වශයෙන් පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම, පාඩම් නොකිරීම , කේන්ති ගැනීම ,ආදීය පිළිබද හඳුන්වාදිය හැකියි. සාමාන්‍ය දරුවන්, සාමාන්‍ය දුකකදී තම දුක ප්‍රකාශ කරන්නේ ඇඩිම මගිනි .

    විෂාදය උග්‍ර වූ අවස්ථාවලදී ජීවිතය පිළිබද බොහෝ සේ කලකිරීම් ඇතිකරගන්නා අතර තමාගේ ගැටලු විසදා ගැනීමට කිසිදු මාර් ගයක් නොමැති බවද එම රෝගීන් සිතනු ලැබේ. ඒ වගේම අනාගතය පිළිබද අපේක්ෂා විනාශ වී යන අතර තමාට උපකාර කිරීමට කිසිම අයෙක් නොමැති බව වැනි අසරණ හැගීමක්ද ඇතිවේ. 



Comments