ඔබගේ දරුවාත් අධිකව පැණි බීම වලට ඇබ්බැහි වෙලා ද ?
දිගින් දිගටම ක්ෂණික බීම වර් ග , පැණි බීම ලබා ගන්නවා නම් දියවැඩියා අවධානමක් තිබෙනවා. ඒ වගේම ඔබේ දරුවා ව්‍යායාම නොකරනවා නම් මේ ගැටලුව බරපතළ ලෙස දරුවාට බලපෑ හැක.සාමාන්‍යයෙන් දිනකට නිරෝගී පුද්ගලයෙක් සීනි තේ හැදි 6 කට අඩු ප්‍රමාණයක් ලබා ගත යුතුයි. නමුත් මෙම බෝතල් කළ පාන වර්ගවල සීනි හැදි 05කට වඩා අඩංගු වන අතර එවැනි බෝතල් කිහිපයක් දිනකට පානය කිරීමෙන් දරුවා දිනකට සීනි හැදි 15ක් පමණ ලබාගැනීමක් සිදු වේ. මෙසේ අතිරේකව ශරීරයට ලැබෙන සීනි තෙල් වශයෙන් ශරීරයේ තැන්පත් වන අතර ඒවා රුධිර වාහිනීවල ද තැන්පත් වියහැකියි. ඒ වගේම අග්න්‍යාංශය වැඩිපුර ක්‍රියාශීලි වීම සිදුවන අතර ඒ නිසා ඉන්සියුලින් නිසි ආකාරව ඝ්‍රාවය නොවීම මගින් දියවැඩියා තත්ත්වය ඇතිවීමේ අවධානමක් ඇති කරයි. ඒ වගේම මව, පියා ඇතුළු පවුලේ සියලු දෙනා ක්ෂණික බීම ලබා ගතහොත් දියවැඩියාව පහසුවෙන් හා ඉක්මනින් ගොඳුරු වේ .
Comments
Post a Comment