කොච්චර අත සේදුවත් ඉවරයක් නැහැ නේ ද ?
අනවශ්‍ය ලෙස පිරිසිදුකම පිළිබද සැලකිලිමත් වීම මානසික රෝගී තත්ත්වයක්. එය OCD ලෙසින් හඳුන්වනු ලැබේ. මෙහිදී සිදුවන්නේ නැවත නැවත තමා භාවිතා කරන දේවල් කෙතරම් පිරිසිදු කරත් ඒවා අපිරිසිදුයි යන සිතුවිල්ල අදාළ තැනැත්තාගේ කාලය නිකරුණේ අපතේ යැවීමක් සිදු වේ. මේ තත්ත්වය දිගින් දිගටම පවතින විට අදාළ පුද්ගලයාගේ පවුලේ අය අතර ගැටුම් ඇති කරනු ලැබේ. මේ හේතුව නිසා මෙම OCD රෝගී තත්ත්වයට අමතරව දෙවනුව විෂාද තත්ත්වයට පත්වීමට පවා හැකියි. මේ පිළිබද කණගාටුවීම දුක්වීම අනවශ්‍යයි. සුදුසු මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැසී අවශ්‍ය චර් යාත්මක ප්‍රතිකාර හෝ ඹෟෂධමය ප්‍රතිකාර ලබා ගන්න . ඔබට සම්පුර් ණ සුවපත් භාවය ලබාගත හැකියි.
Comments
Post a Comment