තක්කාලි පිසීමේදී ඇසිඩ් බවට පත්වෙනවාද ?
තක්කාලි පළතුරක් මෙන්ම එළවළුවක් වශයෙන් සලකා ආහාරයට ගැනෙන අතර විටමින්, ඛනිජ මෙන්ම මිනිස් ශරීරයට හිතකර සංයෝග ගණනාවකින් පරිපූර් ණ වේ. මෙම විවිධ පෝෂක කොටස් මෙන්ම මෙම සංයෝග මිනිසාගේ ශරීරයට ප්‍රයෝජනවත් වන්නේ විවිධ ආකාරයෙනි. බීටාකැරොටීන් ,විටමින් C , විටමින් E ,පොටෑසියම් තක්කාලි වල අඩංගු විටමින් හා ලවණ වර් ග අතර වේ. මීට අමතරව ලයිකොපීන් නැමැති රසායනික මෙන්ම ෆීනොලික සංයෝගද මේ තුළ අන්තර් ගත වේ. එම සංයෝග ප්‍රතිඔක්සිකාරක එසේත් නැත්නම් පිළිකා සෛල නාශක වශයෙන් ක්‍රියා කරනු ලැබේ. ඒ වගේම මිනිසාගේ සම , ඇස් වැනි ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීමේ හැකියාවක් ද තක්කාලි වල අඩංගු පෝෂක තුළ අන්තර් ගත වන අතර කෙඳිිිවලින් පරිපූර් ණ ආහාරයක් ලෙස ද හැඳිිින්විය හැකියි. තක්කාලි රත් කිරීමේදී එසේත් නැතිනම් පිසීමේදී ඒ තුළ අන්තර් ගත විටමින් C වැනි පෝෂ්‍ය කොටස් විනාශ වීමට ලක්වේ. ඒ නිසා තක්කාලි අමුවෙන් ආහාරයට ගැනීමෙන් එවැනි විටමින් වර් ග වැඩිපුර ශරීරයට ලබාගැනීමේ හැකියාවක් පවතී. නමුත් පෙර සඳහන් කළ ලයිකෝපීන් (Lycopene) නැමැති රසායනිකය පිසීමට ලක් කිරීමේදී වැඩිපුර ශරීරයට ප්‍රයෝජනයට ගත හැකි මට්ටමට පත්වේ. ඒ අනුව විමසා බලන කල තක්කාලි අමුවෙන් වගේම පිසීම මඟින් ආහාරයට ගැනීම යන ආකාර දෙකෙන්ම මිනිස් ශරීරයට අයහපතක් සිදු නොවේ. වඩාත් වැදගත් වන්නේ කුමන ආකාරයකින් හෝ තක්කාලි ආහාරයට එක්කර ගැනීමයි .
Comments
Post a Comment