දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් එන්නත වෙනුවට පෙත්තක්
ලොව පුරා දියවැඩියා රෝගයෙන් දුක් විඳිිින ජනගහනය මිලියන 42ක් වන බව 2014 දී සිදු කළ පර් යේෂණයක දත්තවලින් හෙළි වී තිබේ. 2017 වනවිට බොහෝවිට එය දෙගුණ තෙගුණ වනු ඇතැයිද සිතිය හැකිය. දියවැඩියා පළමු කාණ්ඩයට ( Type 01)අයත් වන රෝගීන් මෙන්ම දෙවැනි කාණ්ඩයට (Type 02) අයත් සමහර රෝගීන් ද අනිවාර් යෙන්ම ඉන්සියුලින් හෝර් මෝනය ශරීරගත කිරීම අවශ්‍ය වේ. එය එන්නතක් මාර් ගයෙන් ශරීරගත කිරීම සිදු කරනු ලබන අතර එය දිනපතා සිදු කිරීම අතිශයින් වේදනාකාරී ක්‍රියාවක් වන්නේය. එම වේදනාව නොමැතිව ඉන්සියුලින් පෙත්තක් හෝ කරලක් මඟිිිිිිිින් ශරීරගත කළ හැකි නම් කෙතරම් සුවදායක දැයි සිතන දියවැඩියා රෝගීන් ලොව පුරා අනන්තවත්ව සිටිය හැකිය. එවැනි රෝගීන්ට සුබදායක පුවතක් ඖෂධ පිළිබද අධ්‍යාපනය හා පරීක්ෂණ සදහා ඉන්දියාවේ පවතින ජාතික ආයතනය මඟිිිින් හෙළිකොට ඇත.
ඒ ඉන්සියුලින් හෝමෝනය සහිත පෙත්තක් නිෂ්පාදනය කිරීමට මූලික වීමයි . එමඟිිිින් එන්නත මඟිිිින් ඇතිවන වේදනාව තුරන්කර ගැනීමට දියවැඩියා රෝගීන්ට හැකිවනු ඇත. මීයන් ඇසුරෙන් සිදු කරනු ලැබූ පර් යේෂණවලට අනුව මෙම පෙත්ත මඟිිිින් සිදු කරනු ලබන අඩු කිරීමට සමාන වන බව දැක්වේ. පන්ජාබයේ පවතින මෙම පර් යේෂණාගාරයේ අගිෂ කුමාර් අග්රවාල් , හර් ෂාද් හර් ඩේ , කෞෂික් තන්කි සහ ජයින් යන විද්‍යාඥයින් ඉන්සියුලින් ලිපිඩ (ජලයේ දිය නොවන මේද අම්ල )හෝ ලිපෝසෝම් යනුවෙන් හඳුන්වන මේදවලින් නිමවන ලද කෝෂ තුළට දමා පොලිඉලෙක්ට්‍රෝලයිට් යනුවෙන් හඳුන්වන ආරක්ෂිත අණු වලින් ආරක්ෂිත ආවරණයට ඔතන ලදී . එම ආරක්ෂිත වැස්ම නිසා කෝෂයේ පවතින ඉන්සියුලින් ආහාර ජීර් ණ ක්‍රියාවලියට හසු නොවී රුධිරයට ඇතුළු වේ. මෙම නව නිපැයුම පිළිබද විස්තරයක් වොෂිටනයේ "බයෝමැක්‍රොමොලිකියුල්ස් '' (Biomacromolacules ) නැමැති සඟරාවේ පළ කරන ලදී .
Comments
Post a Comment