සුදු කබර නිට්ටාවට සුව කළ හැකියි ද ?
අවලස්සන වීමෙන් බොහෝ විට ශාරීරික පීඩාවට වඩා මනසට ඇතිවන බලපෑම වැඩියි .මූලිකව මේ රෝගය හඳුනාගත හැක්කේ සමෙහි සුදු පැහැති ලප ඇතිවීමෙනි . ඇතැම් විට මෙම සුදු පැහැ ලප සමේ විශාල ප්‍රදේශයක් දක්වා පැතිරී යන අවස්ථා දක්නට ලැබෙනවා . විශේෂ වශයෙන් තොල ,ඇඟිලිිිිිිිිිිිිිිිිි කෙළවර අත පය ආදියේ ඇතිවන සුදු පැහැති පැල්ලම් හෙවත් ලප සුදු කබර ලෙස මූලිකව හැදින්විය හැකියි. "සුවිත්‍ර " යනුවෙන් ආයුර් වේදයට අනුව හඳුන්වන මෙම රෝගී තත්ත්වය ඇති වීමට හේතු වන්නේ සමේ වර් ණ ගැන්වීම ඇතිකරන වර් ණ කාරක පදාර් ථ හානියට පත් වීමයි . ආයුර් වේදයේ සදහන් පරිදි 'රංජක පිත්තය " දුෂණය වීමෙන් මෙය ඇති වේ.
මේ සදහා බලපාන හේතු මොනවාද ?
ජානමය හේතු හැරුණු විට අතීතයේ සිට පැවත එන විශ්වාසයක් වනුයේ හික්මීයාගේ විෂ ශරීරගත වීම මගින් වර් ණක පදාර් ථ හෙවත් මෙලනින් දුෂණය වීමෙන් මේ තත්ත්වය ඇතිවන බවයි. ඊට අමතරව අතීතයේ සිට පැවත එන තද කොළ පැහැති පළා කොළ වර් ග (තද හිරු රශ්මියට මුහුණලා වැඩෙන ) අනුභව කිරීම ,පළා කොළ වර් ග කිහිපයක් මිශ්‍ර කිරීමෙන් සාදන හාමු පළා මැල්ලුම් ආහාරයට එකතු කර ගැනීම ,කොළ කැද වර් ග පානය කිරීම ,ඇසිඩ් බහුල ආහාරවලින් වැළකීම ,රසකාරක යෙදු ආහාර නොගැනීම ආදියෙන් මේ රෝගී තත්ත්වය පාලනය කරගත හැකිය .
Comments
Post a Comment