ක්‍ෂය රෝගය කෙළ මඟින් සම්ප්‍රේෂණය විය හැකියි ද ?

  ක්‍ෂය රෝගය කෙළ මඟින් සම්ප්‍රේෂණය විය හැකියි ද ?



    ඕනෑම රටක ඕනෑම පුද්ගලයෙකුට වැළඳිය හැකි රෝගයක් වන අතර අතීතයේ මිනිසුන් දහස් ගණනින් ජීවිත මරණය කරා ඇද දැමු භයානක රෝගයක් ලෙස සැලකේ. පෙනහලු මූලික කරගෙන පැතිරීගෙන යන රෝගයක් වුවද ශරීරයේ ප්‍රතිශක්ති කරණය දුර් වලවී ගිය අවස්ථාවක මේ රෝගය උත්සන්න වීමට පටන් ගනියි. ක්‍ෂය රෝගය ආසාදිත යම් අයෙකුගෙ කෙළ ,සෙම මඟින් තවත් අයෙකුට පහසුවෙන් රෝගය සම්ප්‍රේෂණය විය හැකි අතර බොහෝ දෙනා එක්ව එකට වාසය කරන ප්‍රදේශ ආශ්‍රිතව මෙය බහුලවම තිබේ . රෝගය ඇති වීමට පෙර උගුර කැසීම ,කෑම අරුචිය ,උගුරෙහි බුවක් පැතිරී ගියාක් මෙන් පැවතීම . හෘදයෙහිද ,උගුරෙහිද තෙරපීම ඇති කර හිසෙහි ඇති සිදුරු සියල්ල පුරවා දමයි .

   ක්‍ෂය රෝගය බෙදා දැක්වෙන ප්‍රධාන කොටස් 

  • උගුර කට වියළීම , හෘදය දෑලවර ශුල වේදනාව ,වියළි කැස්ස ඇති වේ. 
  • අවයව, ඇස් ,දිව කහපාට වේ ,සෙමද  කහ පැහැය ගනී, කැරකිල්ල ,උණ ,වමනය , ඇස්වල දැවිල්ල ඇතිවේ.
  • පපුවේ ස්වල්ප වේදනාව ,හිස බරබව ,උගුරේ සෙම ඇලී පැවතීම , අප්‍රාණික බව .
  • ලේ මිශ්‍ර සෙම ,උගුරේ වේදනාව ,කුණු ගඳට සෙම පිටවීම ,පපුවේ තදවේදනාව ,ශුල වේදනාව ,උණ පිපාසය ,ස්වර භේදය ,වෙව්ලිල්ල 
  • කුණු සැරව ගඳින් සැරව යයි . හරිත වර් ණ හෝ රතු පාට සෙම බැහැරවේ. එක් වරෙක සිතලටද වරෙක උෂ්ණයටද කැමති වේ.



Comments