දෑස් දෙස බලාගෙන දරුවා සමඟ කතා කරනවාද ?

     දෑස් දෙස බලාගෙන දරුවා සමඟ කතා කරනවාද ?



    දරුවෙක්  ඉපදුණු දවසේ සිටම අපි දරුවාව පෝෂණය කරන්නට වෙහෙසෙනවා . නිරායාසයෙන්ම අපි දරුවන්ට ආදරය කරනවා .අපි ආදරය කරන විදිහ දරුවන්ට හිතකරද ,එසේ නැතිනම් දරුවන්ට ඕන විදිහට ද අපි ආදරේ කරන්නේ. සෑම දරුවෙක්ම දඟයි , සෑම දරුවෙක්ම සෙල්ලම් කරන්න කැමතියි , සෑම දරුවෙක්ම ආදරය සෙනෙහස ලබන්න කැමති. ඔබ ආදරේ සෙනෙහස කියලා දරුවන්ට දෙන දේ ඇතැම් විට දරුවන්ගේ පෞරුෂත්වය අතිශය ලෙස බිද වැටෙන්නට හේතු සාධක වේ. පුංචි බබෙක් ඉපදුණු මුල් කාලයේ මව් තුරුලට හරි කැමති ,දෑස් දිහා බලාගෙන කතා කිරීම , නැළවිලි ගී කතන්දර වැනි දේවල් දරුවන්ගේ ඉදිරි ජීවිතය සුන්දර කරන්නත් බලපායි .අපි මේ පුංචි දරුවන්ට බලෙන් අකුරු ලියන්න උගන්වන්න හදන කොට මේ පුංචි අතැඟිලි හුගක් වෙහෙස වේ. විවිධ හසුරු කුසලතා චිත්‍ර ඇදීම , කොළ කෑලි ඉරීම් කැපීම ඇලවීම ආදී ක්‍රියාකාරකම් පෙර පාසලේදී කරනවා . දරුවන්ගේ  මානසික අවශ්‍යතා වන්නේ ආදරය ලැබීම ,ආදරේ විදීම උණුසුම පිළිගැනීම සහ ඇහුම්කන් දීම ආරක්ෂාව ආදියයි වැඩිහිටියන් වශයෙන් දරුවන් සමග කටයුතු කිරීමේදී ඔවුන්ගේ චිත්තවේග සමග පරිස්සමෙන් ගනුදෙනු කළ යුතුයි. දරුවන්ට දරුවන්ගේ ලෝකය විදින්නට ලබා දිය යුතුයි. විශේෂයෙන්ම දරුවන් නිෂ්ක්‍රීය කරන ජංගම තිරය හැකිතාක් ඇත් කර තබන්නට උත්සහා කළ යුතුයි. 



Comments