ගැබ්ගෙල පිළිකාවක් හදාගන්නේ නැතිව ඉන් ගැලවෙන්නේ කොහොමද කියල ඔබ දන්නවාද ?
කාන්තාවන් බොහෝ දෙනෙකුට හැදුණු නොදැනීම වර් ධනය වුණු ගැබ්ගෙලෙහි හටගන්නා පිළිකා රෝගය ගැන ඔබට වැදගත් තොරතුරු කිහිපයක් දක්වන්නයි අද අපේ සුදානම ශරීරය තුළ රහසේ ඇතිවන වර් ධනය වන මෙම තත්ත්වය ඉතා බරපතළ වේ. ගැබ්ගෙලෙහි හටගන්නා මෙම පිළිකා තත්ත්වය නිසා වසරකට මෙරටෙහි පන්සියයක් පමණ ලියාපදිංචි වන බවත් වාර් තා වෙනවා . කාන්තාවන්ට බහුල ලෙස හැදෙන්නේ "පියයුරු පිළිකාව " වුවත් ප්‍රමාණයෙන් දෙවැනි තැන ගන්නේ ගැබ්ගෙල පිළිකාවයි .මේ පිළිකාව හැදෙන්නේ කොහොමද කියා ඔබ දන්නේ නැතිවත් ඇති එය සැබවින්ම ඇති වන්නේ "හියුමන් පැවිලෝමා " (HPV ) නමැති වයිරසයෙනුයි . ඒ නිසා ලිංගිකව එකතු නොවූ කාන්තාවකට ගැබ්ගෙල පිළිකාවක් හැදෙන්නෙත් නෑ .
විශේෂයෙන් අඩුම වයසින් ලිංගිකව එකතු වූ කාන්තාවන්, අඩු වයසින් විවාහ වූ කාන්තාවන් ,පුරුෂයන් කිහිප දෙනෙකු සමග ලිංගිකව එක්වුණු ස්ත්‍රීන් වගේම දුම්පානය කරන ස්ත්‍රීන්ට ගැබ්ගෙල පිළිකා හැදීමේදී දැඩි අවදානමක් තියෙනවා . මධුසමයෙන් පසු රුධිරය වහනය වුවාට පසු ඔබ යළි යළිත් ලිංගිකව එකතු වෙද්දී රුධිරය වහනය වෙනවා නම් අසාමාන්‍ය විදිහට යටි බඩ කැක්කුම් ඇති වීමත් ,මාස් ශුද්ධිය නතර වූ ස්ත්‍රීන්ගේ පවා ඉන් පසු කාලෙදිත් රුධිරය වහනය වෙනවා නම් ගැබ්ගෙල පිළිකා රෝග ලක්ෂණ විය හැකියි .
එලෙස වයස අවුරුදු 35ට වැඩි නම් විවාහක කාන්තාවක නම් රජයේ රෝහල්වල "සුවනාරි සායනයට " ගොස් PAP පරීක්ෂාවක් කරගත යුතුමය .එය අවුරුදු 65 වන තුරුම කරගත යුතු දෙයකි. හියුමන් පැපිලෝමා නමැති වයිරසයට 'වැක්සින් ' නමින් එන්නතක් තිබේ. ලිංගිකව එකතු වීමට පෙර සෑම කාන්තාවක්ම එම එන්නත ලබා ගත යුතුයි. හැබැයි රෝගය මුල් අවස්ථාවේම අවබෝධ කරගන්න පුළුවන් වුණොත් 100% ක්ම එය සුවපත් කළ හැකිය .
Comments
Post a Comment