ලෙඩක් දුකක් හදාගන්නේ නැතිව විද්‍යාත්මක ක්‍රමයට නිදාගන්නේ මෙහෙමයි කියලා ඔබ දන්නවද ?
උඩු අතට නිදා ගැනීමෙන් යහපත් ප්‍රතිඵල ලබන්න නම් කොට්ටයක් හිසට තබා නොගෙන නිදාගැනීම වඩාත් යහපත් එලෙස නිදා ගැනීමෙන් කොඳු ඇට පෙළට හා ගෙල පෙදෙසට ඇතිකරන ආතතිය අවම වේ. උඩු අතට හැරී කොට්ට දෙක තුනක් හිසට තබා නිදා ගැනීමෙන් ගෙල හා කොඳු ඇට පෙළට විශාල ආතතියක් ඇති වේ. මේ ඉරියව්වෙන් නිදාගැනීමෙන් උපරිම ප්‍රතිඵල ලබන්න නම් නිදාගත යුත්තේ කොට්ටයක් හිසට තබා නොගෙනයි. උඩු අතට නිදාගැනීමේ තවත් වාසියක් වන්නේ මෙමඟින් ශරීරය තුළ සිදුවන මනා වායු සංසරණය නිසා මුහුණේ සම මත රුලි ඇති වීම පාලනය වීමයි . උඩු අතට නිදාගැනීමෙන් කලාතුරකින් කෙනකුගේ ශ්වසනය ඇනහිටීමක් සිදුවිය හැකිය. මේ තත්ත්වය " Sleep Apnea " නින්දේදී ශ්වසනය නතර වීම ලෙස හඳුන්වයි .
- පැත්තට හැරී නිදා ගැනීම
බොහෝ දෙනෙකු නිදාගන්න කැමතිම ඉරියව්වයි . විශේෂයෙන් කාන්තාවන් බහුතරයක් කැමති පැත්තට හැරී නිදාගැනීමටයි .ඊට හේතුවන්නේ වම් ඇලයට හැරී නිදා ගැනීමෙන් රුධිර සංසරණය සිරුර පුරා සමබරව මනාව පවත්වාගත හැකි වීමයි. ගර් භණි කාන්තාවන් සදහා හොදම නිදන ඉරියව්ව වම් ඇලයට හැරී නිදා ගැනීමයි .
පැත්තට හැරී නිදාගන්නා අයට සිදුවන ප්‍රධානම අවාසිය හා හිරිහැරය වන්නේ " අත් හිරි වැටීම යි ." මෙහිදී රාත්‍රිය පුරා අත් ගොබවල ඇති වන තෙරපීම නිසා උරහිස් වේදනාව ,බෙල්ල උළුක්කුව වැනි සුළු ආබාධ ඉදහිට ඇතිවෙන්න පුළුවන්. මෙම ඉරියව් වඩාත් බහුලව පවතින්නේ කාන්තාවන් තුළයි.
Comments
Post a Comment