අත්බෙහෙත් හෙවත් ගොඩ බෙහෙත්වලින් නිරෝගීකම ආරක්ෂා කරගත හැකියිද ?

 අත්බෙහෙත් හෙවත් ගොඩ බෙහෙත්වලින් නිරෝගීකම ආරක්ෂා කරගත    හැකියිද ?




      යම් රෝගයක් සුළුවෙන් පටන් ගත්තද අප විසින් කරනු ලබන ප්‍රතිකාරයේ ස්වභාවය මත ඇතැම්විට එය සුවවීම හෝ නොවීම තීරණය වනු ලබනවා .පෙර අතීතයේදී අපගේ ගම් ගෙවල්වලට මෙසේ ඇතිවන සුළු රෝග සදහා අත් බෙහෙත් බහුලව භාවිතා කරනු ලබන අතර ඒ තුළින් සරලව එමෙන්ම වෛද්‍ය උපදෙස්වලින් තොරව පිළියම් කරගත හැකි විය. ගෘහ ඖෂධ යන්න වර් තමානයෙහි සමහරු හඳුන්වනුයේ " කැළෑ බෙහෙත් යනුවෙනි. තමාගේ අතමිට , මිලමුදල් ,කාලය ආදීය අපතේ නොයවා නිරෝගීකම ගොඩින්ම ආරක්ෂා කර දීමේ හැකියාවක් අත්බෙහෙත්වලට ඇත. අතීතයෙහි ගැමි කාන්තාවන්ට අත්බේත් පිළිබඳව මනා අවබෝධයක් තිබුණි. 

        සුළු රෝගාබාධයකදී පවා රෝහල කරා දිව යාම වැළකුණි .එපමණක් නොව රෝහල් පහසුකම් සුලබ නොවූ අතීතයේ මිනිසුන්ට මෙම ඖෂධ විශාල ආශිර් වාදයක් විය .වැටීම් ,තැලීම් , සීරීම් ,හොරි ,දද ,වණ කුෂ්ඨ ආදියටත් පණු අමාරු ,වාත වේදනා , හිසරදය ආදියටත් ඖෂධ වලින් අතීතයේ දේශීය ඖෂධවලින් පිළියම් සොයා ගත හැකි විය .



Comments