ඉලෙක්ට්‍රොනික සිගරට්ටුවෙන් DNA වලට හානි
දුම්බීමෙන් හෘදයාබාධ ,පිළිකා ආදී ව්‍යසන රුසකට මුහුණ දීමට සිදුවීම නිසා දුම්බීම සම්පුර් ණයෙන්ම නවත්වා දැමීමට වෛද්‍යවරුන් විසින් උපදෙස් දෙනු ලබන නමුත් එම පුරුද්ද නවතා ගැනීමට අපහසු අයගේ සුව පහසුව සදහා දැන් නව ඉලෙක්ට්‍රොනික සිගරට්ටුවක් වෙළෙදපොළට නිකුත් කොට ඇත. එම නව නිෂ්පාදනය වෙළෙදපොළට නිකුත් කිරීමෙන් එහි නිෂ්පාදකයින්ගේ බලාපොරොත්තුව දුම්බීමේ පුරුද්ද අත්හැරීමට අපහසු වී ඇති "අයට සිදුවන හානිය අවම කිරීම "යැයි ඇතැම් විට සිතෙනු ඇත . එහෙත් ඇමරිකාවේ කොනෙක්ටිකට් විශ්වවිද්‍යාලය මගින් මෑතකදී පවත්වනු ලැබූ පර් යේෂණයකට අනුව මෙම ඉලෙක්ට්‍රොනික සිගරට්ටුවට ඇතුළත් කොට ඇති නිකොටින් පදනම සහිත ද්‍රව්‍ය නිසා මිනිසාට සිදුවන හානිය ෆිල්ටර් නොමැති සිගරට්ටුවක් පානය කිරීමෙන් DNA වලට සිදුවන හානියට සමාන වන්නේය .
එසේම නිකොටින් නොමැතිව නිපදවන ලද ඉලෙක්ට්‍රොනික සිගරට්ටුවෙන් ද ෆිල්ටරය සහිත සිගරට්ටුවෙන් DNA වලට සිදුවන හානියට සමාන තත්ත්වයක් පවතින බව පර් යේෂකයින් හෙළි කර ඇත. රසායන වර් ග වලින් නැගෙන වාෂ්පය විය හැක. එසේම DNA වලට,සිදුවන හානිය නිසා ඇතිවන සෛල විකෘතියේ ප්‍රතිඵලය පිළිකා වැළදීම විය හැකිය.
මෙම පර් යේෂණය මූලිකව කටයුතු කරන කාර් තික් කාඩිමිසෙට්ටි පවසන අන්දමට මෙම ඉලෙක්ට්‍රොනික සිගරට්ටුව නිසා සිදුවන හානිය කෙතරම් ද යන්න එය පාවිච්චි කරන තැනැත්තා සිරුර තුළට ඇදගනු ලබන වාෂ්ප ප්‍රමාණය අනුව මැන බැලීම කළ හැකිය. එසේම මෙම පර් යේෂණයෙන් සොයා ගනු ලැබූ කරුණු අනුව ෆිල්ටරය නොමැති සිගරට් පානය කිරීමෙන් DNA වලට සිදුවන බව ඔහු වැඩිදුරටත් පවසයි.
බැටරියක මාර් ගයෙන් ඉලෙක්ට්‍රොනික සිගරට්ටුව තුළ පවතින ද්‍රව්‍ය රත් කිරීමෙන් පසු නැගෙන වාෂ්පය පානය කරනු ලබන අතර ඒ තුළ පවතින ද්‍රව්‍ය ට ප්‍රොපලීන් ග්ලයිකෝල් , ග්ලසරීන් ,නිකොටින් අඩංගු වන අතර රසකාරක ලෙස මෙන්තෝල් , චෙරි ,වැනිලා හා මින්ට් ඇතුළත් කොට ඇත. නිකටින් නොමැති ඉලෙක්ට්‍රොනික සිගරට්ටු ද වෙළෙදපොලේ දක්නට ඇත.
මේ අනුව සිගරට් භාවිතයෙන් සිදුවන හානිය ඉලෙක්ට්‍රොනික සිගරට්ටුවෙන් සිදු නොවන බව වෙළෙදපොලේ පවතින මතය මිත්‍යාවක් බව විශ්වවිද්‍යාල පර් යේෂකයින් අවධාරණය කරයි .
Comments
Post a Comment