ඔබ සිටින්නේ දවසේ වැඩි වේලාවක් වාඩි වෙලාද ? (Sitting Disease)
දිගු වේලාවක් ජංගම දුරකථනය දෙස බලා සිටින විට ඇසේ මාංශ පේශී එකම ආකාරයෙන් දිගු වේලාවක් ක්‍රියාත්මක වීම (Muscle achieve contraction)නිසා දවස නිමාවන්නට පෙර අපේ ඇස් දැඩි විඩාවකට පත්වේ.මේ නිසා ඇස් රතු පැහැවීම ,කැසීම ,දැවිල්ල ස්වභාවය ,කඳුළු ගැලීම ,රිදීම ,දෑස් අවට වේදනාව ,ද්විත්ව දෘෂ්ටිය ,සමීපයේ පවතින දේ ක්ෂණිකව නොපෙනී යාම මෙන්ම ඇතැම් විට දුර තිබෙන දේ ද නොපෙනී යා හැකියි.
වර් තමානය වන විට අපගේ ජීවන රටාව බොහෝ සෙයින් වෙනස් වී තිබේ. මේ නිසාම දවසේ වැඩි ප්‍රමාණයක් බොහෝ දෙනා ගත කරන්නේ එකම ඉරියව්වකය .විශේෂයෙන් මෙම ඉරියව් අතර සුලබව දැකගත හැක්කේ වාඩි වී සිටීමේ ඉරියව්වයි . මෙසේ එක් තැනකට වී බොහෝ වේලාවක් වාඩි වී සිටීම රෝග ගණනාවකට හේතුවන බව ඇමරිකාවේ විශේෂඥයින් පිරිසක් විසින් පෙන්වා දී තිබේ.මෙම තත්ත්වය Sitting Disease නමින් හඳුන්වන අතර අපගේ දෛනික ඉරියව් පිළිබද දෙවරක් සිතා බලන්නට දැන් කාලය එළඔ ඇති බවද එමගින් තව දුරටත් තහවුරු වේ.
එදිනෙදා ජීවිතයේදී අපි සිදු කරන බොහෝ ක්‍රියාකාරකම්වලදී වාඩි වී සිටීමට සිදුවේ. උදාහරණයක් වශයෙන් කාර් යාල සේවකයෙක් පිළිබද විමසා බැලුවහොත් රුකියාවට යන අතරතුර බස් රථය,දුම්රිය , වාහන වැනි කුමන ක්‍රමයක් භාවිතා කළත් හැකි සෑම අවස්ථාවකම අසුනක වාඩි වීම බොහෝ විට සිදු කරනු ලැබේ. ඉන් අනතුරුව කාර් යාලය වෙත ගමන් කළ පසුවද තමාට නියමිත මේසය පුටුව වෙත ගමන් කරන අතර එහි වූ පරිගණකය සමග දවසේ වැඩකටයුතු ආරම්භ කරනු ලැබේ. මෙසේ රාජකාරී කටයුතු කරන අතරතුරදී ජංගම දුරකථනයද විටින් විට භාවිතයට ගැනීම ද බොහෝ දුරට සිදු කරනු ලැබේ. නමුත් දවසේ වැඩි වේලාවක් රාජකාරී අතරතුර ඔබ සිටින්නේ වාඩි වීමේ ඉරියව්වෙනි . අවම වශයෙන් වැසිකිළි භාවිතය පවා සිදුකරන අතර නැවතත් රාජකාරී නිම වී නිවසට යන විට එම ක්‍රියාවලියම සිදු කරනු ලැබේ. තව ද එතැනින් පමණක් නතර නොවී නිවසට පැමිණිමෙන් පසුවද සිදුකරන ඉරියව්වලදී දිගින් දිගටම වාඩි වීමේ ඉරියව්ව පවත්වා ගෙන යනු ලැබේ. ආහාර ගැනීම, රූපවාහිනිය නැරඹීම, පොත් පත්තර බැලීම මේ ආදී වූ නොයෙකුත් ක්‍රියාවන්ද අප බොහෝ දුරට සිදු කරන්නේ වාඩි වී සිටිමිනි.
කෙසේ වෙතත් මෙසේ එකම ඉරියව්වක වැඩි වේලාවක් ගත කිරීම නිසා ශාරීරික සෞඛ්‍යය ක්‍රම ක්‍රමයෙන් පරිහානියට පත් වීම ඉතාමත් කණගාටුවට කරුණක්. සාමාන්‍යයෙන් මිනිස් ඇස නිර් මාණය වී පවතින්නේ දුර බැලීමේදී විවේකීව සිටීමටත් ළග බැලීමේදී ක්‍රියාත්මක වීමටත්ය. ඒ අනුව විමසා බලන කල වර් තමානයේදී භාවිතා වන බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණ නිසා මේ හානියේ බරපතළකම කුමන ආකාර ද යන්න විශේෂයෙන්ම සාකච්ජාවට ලක් කළ යුතුයි. ඒ අතුරින් රූපවාහිනිය , පරිගණකය සහ ජංගම දුරකථනය යන උපාංග පිළිබද විමසා බැලීමේදී මින් වඩාත් ඇසට හානි දායකවන්නේ ජංගම දුරකථනයයි .ඊට හේතුව බොහෝ දුරට ජංගම දුරකථනය අනෙකුත් උපකරණ හා සමග සංසන්දනය කිරීමේදී ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ ඇසට වඩාත් සමීප දුරක සිටයි. නමුත් මෙය වාර් තමානය වන විට අප කාටත් නැතිවම බැරි මට්ටමට පත්ව තිබෙනවා පමණක් නොව අවාසනාවන්ත ලෙස බරපතළ සෞඛ්‍ය තර් ජන රුසක් ඇති කරවීමටද එකසේ හේතු වී තිබේ.
තවද විශේෂයෙන් ජංගම දුරකථනය භාවිතා කිරීමේදී බොහෝ දුරට වාඩි වී එය සිදු කරන අතර මේ හේතුවෙන් ඇසෙහි මාශ පේශී දීර් ඝ වේලාවක් එකම ඉරියව්වකින් පවතිනු ඇත . මේ ආකාරයට දිගු වේලාවක් ජංගම දුරකථනය දෙස බලා සිටින විට ඇසේ මාශ පේශී එකම ආකාරයෙන් දිගු වේලාවක් ක්‍රියාත්මක වීම ( Muscle achieve contraction) නිසා දවස නිමාවන්නට පෙර අපේ ඇස් දැඩි විඩාවකට පත්වේ. මේ නිසා ඇස් රතු පැහැවීම ,කැසීම ,දැවිල්ල , කඳුළු ගැලීම ,රිදීම , දෑස් අවට වේදනාව ,ද්විත්ව දෘෂ්ටිය සමීපයේ පවතින දේ ක්ෂණිකව නොපෙනී යාම මෙන්ම ඇතැම් විට දුර තිබෙන දේද නොපෙනී යා හැකියි.
කෙසේ වෙතත් ඉහත පැහැදිලි කළ සියලු සංකූලතා ඇති වන්නේ දවසේ වැඩි වේලාවක් වාඩි වී සිටීම නිසයි. මේ නිසා හැකි සෑම විටෙකම ක්‍රියාශීලි වීම හැකි සෑම අවස්ථාවකදීම දුර බැලීම හා හැකි සෑම විටෙකම හරිත වර් ණ දෙස බැලීම මගින් ජීවිතයේ මිහිරි මතකයන් ඔබට ලබා දෙන දෑසේ ආරක්ෂාව සලසාගත හැකියි.
Comments
Post a Comment