වර්තමානයේ මිනිස් ජීවිත කෙතරම් කාර්යබහුල දැයි ඔබත් මමත් හොඳින්ම දන්නා කරුණක්.අවම වශයෙන් තමාට කුමන හෝ රෝගී තත්ත්වයක් තිබෙනවා නම් ඒ බව පවා නොදැනෙන එසේත් නැත්නම් ගණන් නොගෙන සිටින මට්ටමට පවා පෙළඹී තිබීම මෙහි කණගාටුදායකම තත්ත්වයයි .එසේ වූවත් මෙවන් රෝගී තත්ත්වයන් කල් ගතවීමත් සමඟ නිදන්ගත මට්ටමට පත්වුවහොත් කෙතරම් ප්‍රතිකාර කළද ඉන් අත්මිදීමට දැඩි පරිශ්‍රමයක් ගැනීමට සිදුවිය හැක බව ඔබ දන්නවාද?
තාවකාලික ප්‍රතිකාර ක්‍රම මගින් රෝග යටපත් කිරීමට බොහෝ දෙනා පෙළඹුණද දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රම මගින් ඒවා නිට්ටාවටම සුව කර ගැනීමට හැකි වී තිබෙන බව සැවොම හදුනන ඉතා ප්‍රසිද්ධ රහසක්.සාමාන්‍ය මිනිස් ශරීරයක හිස සිට දෙපතුල දක්වාම විවිධාකාර රෝග අවස්ථාවන් දැකගැනීමට හැකියාවක් තිබේ.මෙවැනි වූ රෝග සඳහා බලපාන හේතු අතර ස්නායු පද්ධතිය අශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් ප්‍රධාන තැනක් හිමිකර ගනු ලැබේ.මූලික වශයෙන් ශරීරය පුරා පැතිරී පවතින ස්නායු රෝග පිළිබඳ කතාබහ කළහොත් දෙපතුලේ සිට හිස දක්වා රෝග අවස්ථා ගණනක් හඳුනාගත හැකියි.යටි පතුල ආශ්‍රිත රෝග, ( කටු අනිනවා වැනි ස්වභාවය, දැවිල්ල, හිරිය,පැලීම) දනහිස් සන්දි ආශ්‍රිත රෝග, කාන්තාවන්ගේ උදර ප්‍රදේශ ආශ්‍රිත රෝග (PCOS වැනි හෝමෝන ආශ්‍රිත ගැටලු) , ස්වසන පද්ධති ආශ්‍රිත රෝග(හතිය ,ඇදුම වැනි),සන්ධි ආශ්‍රිත රෝග(ආතරයිටීස්),කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග මෙන්ම මොළය ආශ්‍රිත රෝග පිළිබඳව ද මූලික වශයෙන් අවධානය යොමු කළ හැකියි.
කෙසේ වෙතත් මෙම රෝගාබාධ අතරින් වර්තමානයේ බාල මහලු භේදයකින් තොරව සුලබව දැක ගත හැකි රෝග තත්ත්ව ගණනාවක් හඳුනාගත හැකියි.ඒ අතරින්ද මොළය ආශ්‍රිත රෝග විශේෂත්වයක් හිමිකරගනු ලැබේ. ඉරුවාරදය නොඑසේ නම් මිග්‍රේන් වයස් භේදයකින් තොරව දැක ගත හැකි ගැටලුකාරී තත්ත්වයකි.බටහිර වෛද්‍ය විද්‍යාවේ වුවද ස්ථීර වශයෙන් පිළියම් යෙදීමට අපහසු මෙම මොළය ආශ්‍රිත රෝග තත්ත්වය දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රම මගින් සාර්ථකව පාලනය කිරීමට හැකිවීම බොහෝ රෝගීන්ට සැනසිලිදායක ආරංචියක් වනු නොඅනුමානයි.රෝග තත්ත්වය පිළිබඳව මූලික වශයෙන් පැහැදිලි කිරීමේදී අවස්ථා දෙකක් හඳුනා ගැනීමට හැකියාව තිබේ.ඉන් පළමු වර්ගයේ දී අදික හිස කැක්කුමක් මෙවැනි රෝගීන්ට ඇතිවන අතර දෙවැනි වර්ගයේදී හිස කැක්කුම සමග වමෙනය, ක්ලාන්ත ස්වභාවය ඇතිවිය හැකියි.
ඊට අමතරව දැකගත හැකි පොදු රෝග ලක්ෂණ පහත ආකාරයි.අදික හිස කැක්කුම්,උදේ අවදිවන විට කලාන්ත කැරකිල්ල ස්වභාවය ,ක්‍රම යෙන් දහවල් වන විට ඇතිවන අලස කම,සෑම අවස්ථාවකම නිදා ගැනිමට උත්සාහ දැරිම,අනෙකා සමග ගැඹුරු සංවාදවලට යෑමට ඇති මැලිකම,වමනය ,රාත්‍රි කාලයේ නිදි වර්ජිතව කල්පනා කිරිම ආදිය බොහෝ දුරට මිග්‍රේන් රෝගයකු තුළ දැක ගත හැකියි.
පාරම්පරික වෛද්‍ය ක්‍රම මගින් සාර්ථකව මිග්‍රේන් ඇතුළු බොහෝ රෝග වලට වඩාත් සාර්ථකව ප්‍රතිකාර සිදු කරනු ලැබේ. මෙහිදී විශේෂයෙන් නිල වෛද්‍ය ක්‍රමය විශේෂත්වයක් හිමිකර ගනු ලැබේ.කෙසේ වෙතත් මේ සම්බන්ධව සිදුකරන මූලිකම ප්‍රතිකාරය වන්නේ තෙල් සාත්තුවයි.එම ප්‍රතිකාරවලදී ස්නායු තෙරපිමක් සිදුකරන අතර ඒ සදහා විශේෂිත ඖෂධ වට්ටෝරුවකින් සකස් වූ තෙල් වර්ගයක් කරනු ලැබේ.උදර ප්‍රදේශය සිට හිස දක්වා තෙල් ගැල්වමින් රෝගයට අදාළ ශරීරයේ තිබෙන නිල උත්තේජනය කරනු ලැබේ. මූලික වශයෙන් වෛද්‍යවරයාගේ පරීක්ෂාවට ලක් වීමෙන් අනතුරුව අදාල රෝගියාගේ රෝග ස්වභාවය,ඉතිහාසය, ශරීර ස්වභාවය ආදී මේ සියලු සාධකයන් පිළිබඳ සැලකිල්ලට ගනිමින් රෝග වලට ප්‍රතිකාර කිරීම ආරම්භ කරනු ලැබේ.එසේම බොහෝ කල්ගත වූ ආබාධ සඳහාද නිල ප්‍රතිකාර ක්‍රමය යටතේ ප්‍රතිකාර සිදු කරනු ලැබේ.කෙසේ වෙතත් මෙම ප්‍රතිකාර දිගින් දිගටම සිදුකිරීමේදී අදාළ රෝගියාට දියවැඩියාව ,කොලෙස්ටරෝල් ආදී රෝග තත්ත්ව තිබෙනවා නම් එම රෝග තත්ත්ව වලද සැලකිය යුතු අඩු වීමක් දැකගැනීමට ලැබේ.
කීර්ති ශ්‍රී ලංකා අභිමානී වෛද්‍යශූරී දේශබන්දු දේශමාන්‍ය,
ආචාර්ය අචිනි රංගනා රාජපක්ෂ
නුවන්ති කුලරත්න.......✍
Comments
Post a Comment