කාන්තාවන්ට ආවේණික සුද යෑම .

    කාන්තාවන්ට ආවේණික සුද යෑම .



    ස්ත්‍රීන්ට පමණක් ආවේණික රෝග අතර සුද යාම නැමති රෝගයට හිමිවන්නේ වඩා වැදගත් තැනක් බොහෝ දුරට ස්ත්‍රියකගේ ජීවිත කාලයේ ඕනෑම අවදියක හටගන්නට පුළුවන් මෙම රෝගී තත්ත්වයෙන් මේ වනවිට සමාජයේ බහුතරයක් කාන්තාවන් පෙළෙන බව පැහැදිලි වේ. ආයුර් වේද වෛද්‍ය ක්‍රමය අනුව ශ්වේත ප්‍රදර ලෙසින් හඳුන්වන මෙම රෝගය කාන්තාවකගේ ජීවිතයේ ඕනෑම කාලයක යම්කිසි අවස්ථාවක යෝනිය මඟින් සුදු පැහැති දියරයක් වැගිරීම ලෙසින් සරලව හැදින්විය හැකිය . මෙය ජනක ඉන්ද්‍රියාත්මකව හෝ ස්ථානිකව හටගන්නා රෝගයක ලක්ෂණයකි . බොහෝවිට මෙම රෝගය ඇතිවන්නේ දරුමග හා බාහිර උත්පාදක අවයවයන් ආසාදන හේතුවෙන් නිසාය .යෝනිය ආශ්‍රිත ප්‍රදේශවල පවතින තෙත් ස්වභාවය සාමාන්‍ය වූවද තමන් පරිහරණය කරන යට ඇඳුම්වල පවා ශ්‍රාවය පවතී නම් එය අස්වාභාවිකය .

    ගර් භාෂ මූඛය ප්‍රදහවීමයි කලවා හා ඉකිලිවල කුෂ්ඨ හට ගැනීම ,කැන්විඩා ,ඇල්බිකන්ස් ආසාදනයේ උපද්‍රවයකි ,සුදුමැලි වීම ,මුත්‍රා දැවිල්ල මානසික අසහනය හා ශරීරය කෘෂ කෙට්ටු වීම ආදී අතුරු රෝගී අවස්ථාද මේ තුළින් හටගනී .ජනන ඉන්ද්‍රිය ප්‍රදාහ අවස්ථා , ඊස්ට්‍රජන්  හෝමෝනයේ ප්‍රතික්‍රියාව අධික වීම , ගර් භාෂගත අර් බුද ,මානසික දුර් වලතා ආදීය දැක්විය හැකිය .

                                                                         

Comments