Skip to main content
අධි බර පාසල් බෑගය නිසා දරුවන්ගේ උසට බලපෑම් සිදු වෙනවාද ?
අධික බර ඔසවාගෙන යාම නිසා දරුවන්ගේ උස වර් ධනය වීම සඳහා ඝෘජු බලපෑමක් ඇති වන බව නිශ්චිතව තහවුරු කරගෙන නොමැත. නමුත් එක් පසෙකට පමණක් බරව පාසල් පොත් බෑග් රුගෙන යාම නිසා කොදු ඇට පෙළ ඇදවීම , කාලයක් පුරා පවතින කොදු ඇට පෙළ ආශ්‍රිත වේදනා කැක්කුම් ඇතිවිය හැකියි . ඒ අනුව ඝෘජුව දරුවාගේ උසට මෙමඟින් බලපෑමක් ඇති නොවුණත් කොඳු ඇටපෙළ වක්‍ර වීම හෝ ඇඳවීම මඟින් ඊට යම් බලපෑමක් ඇතිවිය හැකියි . නමුත් පොත් බෑගය රුගෙන යනවිට කොදු ඇටපෙළට වන බලපෑම අවම වන පරිදි උරහිස් දෙකට බෙදී යන පරිදි වඩාත් ආරක්ෂිත බෑග් රුගෙන යාම වැදගත් . එමඟින් බෑගයේ බර සමබරව බෙදී යන නිසා කොදු ඇටපෙළට වන බලපෑම අවම කරගත හැකියි .
Comments
Post a Comment