තැඹිලි, කහ පැහැති එළවළු සහ පලතුරුවලින් සම පාරජම්බූල කිරණවලින් රැක ගනී




                             තැඹිලි  සහ කහ පැහැ ආහාරවල කැරොටි නොයිඩ් හා බයොෆ්ලෙවනොයිඩ අඩංගුයි .බීටා කැරොටින් සිරුරේදී විටමින් A බවට පත් වෙයි. විටමින් A නීරෝගී නෙත් දෙපළකට අත්‍යවශ්‍යය . රාත්‍රී කාලයේ ඇස් පෙනීම අඩු වෙන්නේ විටමින් A අඩු වූ විටය. කැරොටිනොයිඩ මගින් ඩි .එන් .ඒ වලට හානි සිදුවීම වළක්වයි .එමගින් පියයුරු පිළිකා ,ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා ,පුරස්ථ ග්‍රන්ථියේ හා මුත්‍රා මාර්ගයේ පිළිකා  ඇතිවීමට තිබෙන ඉඩකඩද ඇහිරෙයි . මීට අමතරව කැරොටිනොයිඩ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද සවිමත් කරයි. සම පාරජම්බූල කිරණවලින් රැක ගනී . වයසත් සමඟ ඇති වන මාංස පේශීන් දිය වීම , ඇසේ සූද අඩු කිරීමේ හැකියාවක් කහ එළවළුවලට තිබේ . මූත්‍රාශයේ පිළිකා සහ ඔස්ටියෝපොරෝසිස්  රෝග තත්ත්වයන් ද එම ආහාර ගැනීමෙන් වළකා ගත හැකිය . එක් එක් කැරොටිනොයිඩ මගින් ආරක්ෂා වන්නේ සිරුරේ එක් එක් කොටස්ය . එනිසා විවිධ කහ පැහැයේ එළවළු හා පලතුරු ආහාරයට ගැනීමට අමතක නොකළ යුතුයි. කහ ඇපල් ,  ඇප්‍රිකොට් ,ලෙමන් ,අඔ ,දොඩම් ,ගස්ලබු  , පීච් , පෙයාර් ස් ,අන්නාසි ,කැරට් ,කහ , ගම්මිරිස් ,වට්ටක්කා කහ පැහැය බහුලව අඩංගු ආහාරයි.




                                                                                                                                               


Comments