ඔබ දන්නවාද ජලභීතිකා එන්න ගැන





      ජලභීතිකා රෝගය වළක්වා ගැනීමට මේ වනවිට පවතින්නේ පටක රෝපිත එන්නතක් .එය ආනයනික එන්නතක් වන අතර මෙය බොහෝදුරට බෝවන්නේ අචලතාපී සතුන් ( උදා - බල්ලන්, පූසන් , වඳුරන් , මුගටි , හෝතඔුවන් ,ගවයන්)මගිනි. කෙසේ වෙතත් මෙවැනි සතෙකුගේ සපා කෑමකින් අනතුරුව අදාළ ස්ථානය සබන් යොදා අවම මිනිත්තු 10 ක් ගලා යන ජලයෙන් පිරිසුදු කර ළඟම ඇති රෝහලකට යා යුතුයි .එහිදී දරුණු සපා කෑමක් නම් ප්‍රතිදේහ ලබා දී සපා කෑ සත්ත්වයා වෛරස්  ආසාදිත බවට සැකයක් පවතී නම් සීරම් ( Serum ) ලබා දෙනු ලැබේ. සුළු සපා කෑමක් නම් හා සැක සහිත සතෙක් නම් එන්නත පමණක් ලබා දෙනු ලැබේ. නමුත් මෙය රජයේ රෝහල් තුළ අන්තර් චර්මීයව (Intradermal) ලෙස ලබාදෙන නමුත් පුද්ගලික අංශයේ අන්තර් පේශීයව (Intramuscular) ලෙසින් ලබා දේ . මේ කුමන ක්‍රමයකට ලබා දුන්නත් එකම එන්නත ලබා ගත හැකි නමුත් මේ සම්බන්ධව විශේෂිත පුහුණුව ලැබූ වෛද්‍යවරු හෙද කාර්ය මණ්ඩලය රජයේ රෝහල්වල සිටින බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මේ වනවිට ලංකාව තුළ මෙම සැක සහිත සතුන් සපා කෑම් ඉතා සුලබව දැකගත හැකි අතර නිවසේ සතෙක් ඇති කරනවා නම් වඩා වගකීමෙන් එය සිදු කළ යුතුයි. 

තවද මෙම එන්නත ද මාත්‍රා කිහිපයක් වශයෙන් අදාළ රෝහියාට ලබා දෙන අතර මාත්‍රාවන් සියල්ල මාසයක් ඇතුළත ලබා දිය යුතුය. සපා කෑමට ලක් වූ තැනැත්තාට මෙහිදී විශේෂ වගකීමක් පැවරෙන අතර අදාළ නිර් දේශිත කාලසිමා තුළදී එන්නත් මාත්‍රා ලබා ගැනීම අනිවාර් යෙන්ම සිදු කළ යුතුයි. ඒ වගේම නිවෙස් ආශ්‍රිතව ඇති දැඩි කරන සතුන් නිසි පරිදි එන්නත් කිරීමෙන් වගකීමෙන් යුතුව සතුන් ඇති දැඩි කිරීමට වගබලා ගැනීම ද ඉතා වැදගත්.මෙම රෝගය මුළුමනින්ම තුරන් කර දැමීමට එය විශාල පිටුවහලක් .



















































Comments