පුරස්ථ ග්‍රන්ථියේ ඇති වන පිළිකා වළකන රතු පැහැති එළවළු සහ පලතුරු

 




තක්කාලි , ස්ට්‍රෝබෙරි වැනි රතු පැහැති එළවළු ,පලතුරුවල ඇන්තොසයනික් හා ලිසෝපීන් නම් රසායන අඩංගුයි . අපේ මුත්‍රා මාර්ගය, හදවත නීරෝගීව තබන්න . මතකය සවිමත් කර ගැනීමට එම රසායන අවශ්‍යයි .එපමණක් නොව ඇන්තොසයනික් ප්‍රබල විස නාශකයකි .දිගු කලක් තාරුණ්‍ය රැක ගන්නට  ඇන්තොසයනික් රසායනය උදව් වෙයි.  ලීසෝපීන් පියයුරු පිළිකාවලට එරෙහිව සටන් කරයි . ඉතාලියේ කළ පර්යේෂණයකින් හෙළි වී  තිබෙන්නේ තක්කාලි වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ වසා ගැටිති  සෛලවල ඩි  .එන් . ඒ වලට වන හානිය 33 % කින් පහළ බැස ඇති බවයි . ලීසෝපීන් පිරිමින්ටත් වාසි ගෙන දෙන රසායනයකි . හාවඩ් වෛද්‍ය පාසල් පර්යේෂණ මගින් පිරිමින්ගේ පුරස්ථ ග්‍රන්ථියේ ඇති වන පිළිකා 1 /3 ක් අඩු කිරීමට තක්කාලි ආහාරයට ගැනීමෙන් හැකි වී තිබෙන බව සොයා ගෙන තිබේ . තක්කාලි වගේම රතු ඇපල් , චෙරිස් ,රතු ග්‍රේප්ෆෘට් ,දෙළුම් ,ස්ට්‍රෝබෙරි ,කොමඩු ,බිට් , රතු ගම්මිරිස් ,රාබු මේ කාණ්ඩයට අයත් තවත් ආහාර කිහිපයකි .  ලීසෝපීන් මේදයේ දිය වන රසායනයක් නිසා ලීසෝපීන් අඩංගු ආහාර පිස තෙල් ස්වල්පයක් සමඟ කෑමට ගන්න . 













Comments