රුව ලස්සන වීමට සම අතිශයින් වැදගත් වන නිසා පංච කල්‍යාණයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි . ඇස, කන, නාසය , දිව, සම යන පංච ඉන්ද්‍රියන් අතරින් සම ප්‍රධාන ඉන්ද්‍රියකි .මුහුණේ ආලේප කරන ඇතැම් ක්‍රීම්වර්ග නිසා ඔබේ සමේ මෙලනින් විනාශ වී යාමේ ඉඩකඩ වැඩිවේ . එබැවින් සම රැකගැනීමට වඩාත් යෝග්‍ය වන්නේ දේශීය ඖෂධයි . ඒවායේ කිසිදු අහිතකර සංයෝග නොමැති අතර කිසිදු අතුරු ආබාධයක් ඇතිවීමේ හැකියාවක් නැත .
සාමාන්‍ය සම
- සිනිඳු නැත , ඝනකමක් නොමැත , තෙතමනය සහිතය , දීප්තිමත්ය ,සිරුරෙහිම වර්ණය එක හා සමානය ,ඇල්ලු විට සුමුදුය
වියළි සම
- සම රළුය , වියළිය , තැනින්තැන ලප කැලැල් ඇත. සම මත කුඩා ලේ නහර ඉදිමී පවතී , තැනින් තැන සම ඉහළට එස වී ඇත, අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය නොකිරීම නිසා සම වියළි ස්වභාවයකට පත් වේ.
තෙල් සහිත සම
- ඇල්ලූ විට තෙල් ස්වභාවයක් ඇත , සුදු ලප හා කළු ලප තැනින් තැන දැකිය හැක ,සමෙහි වර්ණය මධ්‍යස්තය . සුදුමැලි කහවන් පැහැයක් දැකිය හැකියි .
මිශ්‍ර සම
- තෙල් හා වියළි ස්වභාවයක් ඇත ,සම රළුය , රත් පැහැය ,ලප කැලැල් බහුලව ඇති වේ.
සංවේදී සම
- එක්වරම රත් පැහැ වී ස්වල්ප වේලාවකින් යළි යථා තත්ත්වයට පත් වේ. සමට ඉතා ඉක්මනින් හානි සිදුවේ. රත් පැහැයට හුරුය ,ආලේපන වර්ගයන්ට හා හිරු එළියට අහිතකර ලෙස ප්‍රතික්‍රියා කරයි.
වැඩුණු සම
- රැළි වැටුණ ස්වභාවයක් ඇත. මාංශ පේශිවල පෝෂණය අඩාල වේ. විටෙක වර්ණවත් භාවය අඩුය . සමෙහි වෙනස් වීම් සිදුවන්නේ අවුරුදු 25 න් පසුවය . ඔසප් වීම නැවතීමෙන් පසු සමෙහි තෙත් ස්වභාවය නැති වී යයි.
උපුටා ගැනීමකි
Comments
Post a Comment