ඩයි නොදැමු පරිප්පු තෝරා ගන්නේ කොහොමද ?


                                
හොද පරිප්පු වර්ගයක් නමක් අස්වාභාවික වර්ණයක් නොතිබිය යුතු වේ.  වෙළඳපොළේ තිබෙන පරිප්පු වර්ගයක යම් වර්ණකයක් අන්තර්ගත නම් ඒවා රතු පැහැයට හුරු  දම් පැහැයක් ඉතා තද තැඹිලි හුරු රතු පැහැයක් හෝ ලූමිනස් පැහැයක් ගනී .ඉතා හොද පරිප්පු වර්ගයක් නම් ඉතා තද ස්වාභාවයකින් යුක්ත අතර දත්වලින් ඇටයක් දෙකක් සපා බැලීමෙන් මේ බව හඳුනාගත හැකියි.  විවිධ ප්‍රමාණයේ විවිධ වර්ගයේ පරිප්පු තිබෙන අතර තත්ත්වයෙන් බාල පරිප්පු තරමක් අව පැහැයට හුරු විය හැකි අතර ගුල්ලන් වැනි සතුන් පවා සිටිය හැකියි . ඒ වගේම ඒවායේ සුදු පැහැයට හුරු  කැලලි වැනි ස්වභාවයක් කැබලි වුණු ස්වභාවයක් හෝ කුඩු කුඩු වැනි තත්ත්වයක් තිබිය හැකි වේ. 
                               සාමාන්‍යයෙන් පරිප්පුවලට වර්ණයක් එකතු කර තිබේ නම් ඒවා සෝදන විට ඩයිවල වර්ණය සේදූ ජලයේ දැකගත හැකි වේ.  සාමාන්‍යයෙන් ඩයි වර්ග නොදැමූ ඉතා උසස් තත්ත්වයේ තිබෙන පරිප්පු සේදීමේදී එම ජලය සුදු පැහැයක් ගන්නා අන්දම යම් සෙවල ස්වාභාවයක්ද ඒවා සෝදන විට දැකගත හැකි වේ.  ඩයි වර්ග ඇතැම් විට පිළිකා කාරක ද විය හැකියි. කිසිම අවස්ථාවක  දී පරිප්පු වල ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීම කිසිදු ඩයි වර්ග හෝ වෙනත් කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් යොදා ගනු නොලැබේ. 



Comments