වැසි බර කාලගුණය නිසා මේ දවස්වල බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වන්නේ සෙම් රෝගය නිට්ටාවට සුව කරන අන්දම ගැන

වැසි බර කාලගුණය නිසා මේ දවස්වල බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වන්නේ සෙම් රෝගය නිට්ටාවට සුව කරන අන්දම ගැන 





සෙම් රෝග 

    ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල ජීවත්වන මිනිසුන්ගේ ශරීර අධික උෂ්ණ සහිතය. මෙම උෂ්ණ අධික බව සාමාන්‍ය දේහ සෛලවලට දරා ගැනීමට හැකිවූවත් මොළය ආශ්‍රිත සියුම් ස්නායු සෛලවලට දරා ගැනීමට නොහැකිය . එබැවින් ශරීරය විසින්ම ඊට උපක්‍රමයක් වශයෙන් ස්වයං ශීතකරණ ක්‍රමයක් ( Auto Cooling System ) අනුගමනය කරනු ලැබේ. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ශරීර මඟින් සෙම නිපදවනු ලැබේ. මොළය විසින් නිකුත් කරන  සංඟඳ  අනුව ක්‍රියාත්මක වන ආහාර ජීරණ  පද්ධතිය සෙම නිෂ්පාදනය කර මොළය දෙසට ගමන් කරවීම . ශරීරයේ උෂ්ණත්වය අධික වීම වළක්වාගැනීම සහ ස්නායු සෛල වියළීම වළක්වා ගැනීමයි . මොළය කරා පැමිණෙන සෙම පදාර්ථ නළල ආශ්‍රිත ප්‍රදේශයේ කෝටර (හිස් කබාල, නාසය හා ඇස් ආශ්‍රිත කුහර ) තුළ එක්රැස් වේ. 


ශරීරය උෂ්ණ අධික වීමට බලපාන තවත් හේතු 

    ශරීර ස්වභාවයෙන් උපතින්ම උෂ්ණ අධික බවින් යුතු වන අතරම තවත් සමහර පිරිස් තම ශරීර උෂ්ණ අධික බවට පත්කර ගනු ලබන්නේ තමා විසින්මය . විශේෂයෙන් වැරදි  ආහාර රටාවන්  නිසා බොහෝ දෙනා නොදැනුවත්වම තම ශරීරය උෂ්ණ අධික තත්ත්වයට පත්කරගනු ලැබේ. ඉස්සන් , දැල්ලන් , කකුළුවන් ,බල මාළු වැනි උෂ්ණ අධික ආහාර මෙන්ම අන්නාසි ,තක්කාලි වැනි අම්ල අධික ආහාර ද මේ තත්ත්වය තව තවත් උග්‍ර අතට පත් කරවනු ලැබේ. 



                                                                                                           උපුටා ගැනීමක් .....................
                                                                   වෛද්‍ය රන්පත රුවන් රත්නායක 

Comments