ප්ලාස්ටික් කෝප්ප, පිඟන් දීර්ඝ කාලීනව භාවිතා කිරීම පිළිකා ඇතිවීමට හේතුවක් ද ?



                                                         සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් පිළිකාව ඇති වීම පිළිබඳ  විවිධ ආකාරයේ  මත පළ කරනු ලබනවා . ඒ මත අතරින් පිළිකාව ඇති වෙන්න එක් හේතුවක් විදිහට එදිනෙදා ජීවිතයේ දී අපි භාවිතා කරන ප්ලාස්ටික් ,කෝප්ප ,පිඟන් හේතුවන බව සමහර අයගේ විශ්වාසයක් . ඇත්තටම ප්ලාස්ටික් , කෝප්ප , පිඟන්  දිගුකාලීනව භාවිතා කිරීමට පිළිකාවට හේතුවක්ද ? නිවැරදි වෛද්‍ය විද්‍යාත්මක මතයන්ට අනුව සාමාන්‍යයෙන් ප්‍රමිතියෙන්  යුතු ප්ලාස්ටික් ,කෝප්ප ,පිඟන් භාවිතය සෞඛ්‍යට එතරම් ගැටලුවක් ඇති නොකරත් ප්‍රමිතියෙන් තොර ඒවායේ විවිධ රසායනික ද්‍රව්‍ය අන්තර්ගත විය හැකියි. එම රසායනික ද්‍රව්‍ය කුඩු වශයෙන් අප ලබාගන්නා ආහාර පාන සමඟ මිශ්‍ර වී ශරීර ගත වීමට ද හැකිය . එසේ ශරීර ගත වීමට ද හැකිය . එසේ ශරීර ගත වන රසායනික ද්‍රව්‍ය අතර පිළිකා කාරකත් පැවතිය හැකිය .   


                                                                                                                                                                                                                                                                                                                      

Comments