ඔබත් උණුවතුරට ඇල් වතුර කලවම් කරලද බොන්නේ.

 


                මිනිස් ශරීරයේ සියයට 80ට වැඩි ප්‍රමාණයක් සංචිත ඇත්තේ ජලයයි. අපේ ශරීරය නිරෝගීව තබා ගැනීමට ජලය විශාල මෙහෙයක් කරනු ලබයි. ජලය අවශ්‍ය පරිදි ශරීරයට නොලැබෙන්නේ නම් එවිටද අපි රෝගීන් බවට පත්වේ.

                         ශ්‍රී ලංකාව ඝර්මකලාපීය රටකි. මිනිසුන්ට හොඳින් දහඩිය දමයි. ශරීරයේ පවතින ජල ප්‍රතිශතයෙන් වැඩිම ප්‍රමාණයක් පිටකරනුයේ දහඩිය මගිනි. මේ නිසා දහඩිය පිටකරන ප්‍රමාණය ඉක්මවා ජලය අපගේ ශරීරයට එකතු විය යුතුය. එසේ නොවුවහොත් අපගේ ශරීරය තුළ පවතින විස කොටස් විවිධ ස්ථානයන්ගේ තැන්පත් වී විවිධ රෝග තත්ත්වන් ඇති කරයි‍.අප පානය කරන ජලය උණුකර නිවා පානය කිරීම ඉතාමත් වැදගත්ය. යමෙක් උණු ජලය නිවා ගැනීම සදහා ඇල්දිය එක්කර පානය කරයි නම් එය ශරීරයට අහිතකර තත්ත්යන් ඇති කිරීමට සමත් වේ.

                ආයුර්වේදයට අනුව උණු ජලය උෂ්ණ පානයක් වන අතර ඇල්ජලය ශීත පානයකි. . විරුද්ධ ගුණපවතින දේ එකට එක්කර ආහාරයට ගැනීම හෝ පානය නොකළ යුතු බවඑහි තවදුරත් සදහන්වේ. විරුද්ධ ගුණ එකට එක් වීමේදී මාරාන්තික විසක් බවට පත්වේ. ඇල් දියේ බැක්ටීරීයා සාමාන්‍ය ප්‍රතිශතයක් පවතින අතර එයට උණුජලය මිශ්‍ර කළහොත් එම බැක්ටීරියාවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වී ගුණනය වේ.   

                    තවත් කරුණක් වන්නේ ඇල්දියේ සිටින බැක්ටීරියාවන්ට උණු දියට මිශ්‍ර වූ විට උෂ්ණත්වය වළක්වා ගැනීමට සෛල බිත්තියක් නිර්මාණය කර ගනු ලැබේ. මේ සෛල බිත්තිය උණුජලයට ඔරොත්තු දීම සදහා සකසා ගැනේ, මෙවැනි බැක්ටීරියාවකට ආමාශය තුලදී වුවද විනාශ නොවී පැවතිය හැකිය. මෙවන් බැක්ටිරියාවන් කුඩා අන්ත්‍රයේදී හා මහා අන්ත්‍රයේදී ගුණනය වී මාරාන්තික ආසාදන තත්ත්වයන් ඇති කිරීමට සමත් විය හැකිය."


- උපුටාගැනීමකි -


Comments