ළමයින් සඳහා වන පැණි රස ආහාර, කෘත්‍රීම බිම වර්ග, කේක් සඳහා යොදා ගන්නා ආහාර වර්ණක ළමා පිළිකා සඳහා ප්‍රධානම හේතුවක් බව මේ වන විට සොයාගෙන තිබේ.පිළිකා පමණක් නොව තවත් ඒ හා සමාන ළමයින්ට බලපාන රෝග ගණනාවකම හේතු කාරකය උපන්දින කේක් කැබැල්ලෙන්, පාට ජෙලි, පෑන් කේක් සහ වෙනත් අතුරුපස වර්ග වලින් දරුවාට අම්මාගේ ආදරයත් සමඟ ලබා දෙන බව ඔබ දැන සිටියාද?විවිධ වර්ණ වලින් කුඩා බෝතලයක අසුරා, කෘතීම සුවඳ ඔබ්බවා සුපර් මාර්කට් රාක්කයෙන් ඔබ අතට එන ආහාර වර්ණක වල අඩංගු මොනවාදැයි ඔබ දන්නවාද?


❤බොරතෙල් මගින් ඛනිජතෙල් නිෂ්පාදනයේදී ඇතිවන ප්ලාස්ටික් වලට සමාන අතුරුපලයක් (unrefined petroleum) යොදා ගනිමින්  ආහාර වර්ණක නිපදවේ ලේබලයේ අවාසනාවකට ඒ සම්බන්ධව ලියවෙන්නේ නැහැ.

❤දරුණු පිළිකා කාරක අඩංගු බවට ඇති මහා පරිමානයේ සාක්ෂි නිසාම දියුණු රටවල ලේබලයේ මේ බව සඳහන් කිරීම නීතිමය කටයුත්තක් වුවත්  අදටත් බොහෝ රටවල සිතා මතාම මේ බව නොසලකා හරිනවා.. ආහාර සම්බන්ධ නීති රීති තදින්ම ක්‍රියාත්මක වන ඔස්ට්‍රියා සහ නොර්වේ යන රටවල ආහාර වර්ණක සම්පුර්ණයෙන්ම නීතියෙන් තහනම් කර තිබෙන්නේ මේ හේතුව නිසා..

❤ලංකාව සහ ඉන්දියාව වැනි ආහාර ප්‍රමිතියක් නැති ආසියානු රටවල භාවිතා වන ආහාර වර්ණක වෙනත් රටවලටත් වඩා පහත් මට්ටමේ පවතින බවත් , පිළිකා කාරක සහ වකුගඩු රෝග වලට මුල් වන විස රසායන වලින් සංතෘප්ත බවත් පැවසෙනවා.

❤පුංචි ළමයින් වැඩියෙන්ම කැමති පාටවල් වන්නේ රතු සහ කහ. මේ පාට දෙක සැකසීමට ගන්නා වර්ණක වල පිළිකා කාරකයක් ලෙස ලොවම හඳුනන benzene අඩංගු වෙනවා.

❤කේක් වර්ග, බූන්දි වැනි පැණි රස ආහාර සහ බිම වර්ග සඳහා රතු සහ කහ වර්ණක නැතිවම බැහැ. පුංචි සුරතලාගේ මාරයා ඔහුට/ඇයට උපන් දින කේක් කැබැල්ලෙන්, පාට පාට අතුරුපසින්, අයිස් පලමෙන් ආදරයත් සමඟ ලබා දෙන්නේ ඔබම බව දැන් වැටහෙනවා නේද?


❤'ඉස්සර ළමයි වගේ නෙමෙයි දැන් ළමයින්ට හරිම විසේ..''අම්මලා නිතර කියන කතාවක් මේ.. හැසිරීමේ අසාමාන්‍යතා ඇති කරන Attention Deficit Hyperactivity Disorder (ADHD) නමැති රෝගය අද වන විට ලොව පුරා දෙමව්පියන්ට මහත් හිසරදයක් වෙලා. මොලයේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ ඩොපමින් නම් රසායනයේ ඇති අසමතුලිත බවක් නිසා හැසිරීමේ වෙනස්කම් ඇතිකරන මෙම රෝගයට හේතුව කුඩා දරුවන්ට පැණි රස ආහාර සමඟ කැවෙන ආහාර වර්ණක බව අද වන විට සොයා ගෙන තිබෙනවා.

❤'මේ වගේ කතා බහ අද වෙනකොට හරිම සාමාන්‍යයි..නමුත් මේ මට්ටමට දරුවන් පත් කලේ තමන්ම බව දෙමව්පියන් නොදැනීම අපේ කාලේ දෙමව්පියන්ගේ ඛේදවාචකයක්..පාට පාට අයිසින් කේක්, රස කැවිලි මගින් දරුවන්ට ලිංගික හෝර්මෝන නොදැනුවත්වම ලබා දෙන්නේ ඔබ විසින්මයි.

❤'කහ සහ රතුපාට ආහාර වර්ණක තුල ඊස්ට්‍රජන් නමැති ලිංගික හෝර්මෝනය අඩංගු බව පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා. ඊට අමතරව කුකුලන්ට, ගවයන්ට, හරකුන්ට ලබා දෙන හෝර්මෝන නිසා සියලුම මස් සහ මස් නිෂ්පාදන මගින් දරුවන්ට අධික ලෙස ලිංගික හෝර්මෝන ඇතුළු වෙනවා..මේ නිසා තමයි වයසට පෙර ඔවුන්ට ලිංගික පර්යේෂණ කිරීමේ අවශ්‍යතාවයන් සහ අඩු වයසින් වැඩි විය පැමිණීම සිදු වෙන්නේ.ආහාර වර්ණක දරුවන්ට පමණක් නොවෙයි වැඩිහිටියන් ඇතුළු සියලු දෙනාටම මාරාන්තික පිළිකා ඇති කරන සුළුයි.පහත සටහනේ දැක්වෙන්නේ ඒ ඒ වර්ණ මගින් ඇතිවෙතැයි සොයාගෙන ඇති විශේෂිත පිළිකාවන්.



❤නිල් -Brilliant Blue: වකුගඩු පිළිකා, වකුගඩු අක්‍රියවීම

Indigo Carmine Blue: මොලයේ පිළිකා

❤රතු: - Citrus Red: මුත්‍රාශයේ පිළිකා

Erythrosine: තයිරොයිඩ් ග්‍රන්තියේ පිළිකා (අධික විෂ නිසා තහනම් කර ඇති වර්නයකි)

Allura Red: ශරීරයේ ඕනෑම ස්ථානයක පිලිකා ඇති කල හැක. ඉහත සඳහන් කල දරුවන්ගේ හැසිරීමේ රෝග සඳහා හේතුවන්නේ මෙම වර්ණයයි. ප්‍රතිශක්තිය දුර්වල කරයි.

❤කොළ -Fast Green: මුත්‍රාශයේපිළිකා

❤කහ  -Tartrazine yellow සහ Sunset Yellow : ශරීරයේ ඕනෑම ස්ථානයක පිලිකා ඇති කල හැක. ඉහත සඳහන් කල දරුවන්ගේ හැසිරීමේ රෝග සඳහා හේතුවන්නේ මෙම වර්ණයයි. ප්‍රතිශක්තිය දුර්වල කරයි.



Comments