මෙරට වායු දුෂණ මට්ටම ලබන පෙබරවාරි මාසය දක්වා



 පසුගියදා දිවයිනට බලපා තිබු වායු දූෂණ මට්ටම ලබන වසරේ පෙබරවාරි දක්වා පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.දකුණු ආසියානු කලාපයේ ඇතිවී තිබෙන වායු දූෂණ මට්ටම ඉහළ යාම හේතුවෙන් විටින් විට මෙරටද වායු දුෂණ මට්ටම ඉහළ යා හැකි අතර මෙය  ලබන පෙබරවාරි මාසය දක්වා පැවතිය හැකිය .

වයෝවෘද්ධ පුද්ගලයන් ,හෘද රෝග තත්ත්වයෙන් පෙලෙන අය, ගැබිණි කාන්තාවන්, කුඩා දරුවන් වැනි අවදානම් කාණ්ඩවල පසුවන අය පවතින වායු දූෂණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. එසේම වායු දුෂණය නිසා විශේෂයෙන්ම පපුවේ මහන්සිය, වියළි කැස්ස, ඇදුම වැනි රෝගී තත්ත්වයන් මෙන්ම පෙනහලු ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවිමේ වැඩි ඉඩ කඩක් තිබේ. වැඩි වශයෙන් මහලු වියේ පසුවන අය, දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළන අය මෙන්ම  දුම්පානය කරන අයට මෙහි  අවදානම ඉහළයි.''

  මේ නිසා වායු දුෂණය වැඩි අවස්ථාවන් වලදී මුව ආවරණ පැළඳීම, එළිමහනේ කටයුතුවල යෙදීම මෙන්ම හුස්ම ගැනීමේදී ඇතිවිය හැකි සංකුලතා වලදී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

Comments