Cotton buds වලින් කන් සැප විදින අය පරිස්සමින්





                             ආසන්න දිනක ක්ලාන්ත වීමක් නිසා රෝහල්ගත කළ පුද්ගලයෙකු රෝහලට පැමිණි  අවස්ථාවේ  රෝග නිර්ණය වෛද්‍යවරුන්ට ඉතා අපහසු විය.පසුව රෝගියා කියා සිටියේ ඔහුට දින කිහිපයක සිට හිසරදයක් පැවති බවත් ඒ කාලය තුළදී  ළඟම හිතවතුන්ගේ පවා නම් අමතකවූ බවත් අවුරුදු 5ක් පුරාවට වරින් වර කනේ වේදනාවක් සහ ශ්‍රවණ අපහසුතාවක් ඇතිවූ බවත් ය.

                 අවසානයේ  රෝගියා සී. ටී ස්කෑනර් යන්ත්‍රයට යොමු කළ පසු දැකගත හැකි වූයේ මොළය වටා ඇති පටකය පුරා පැතිරුණු සැරව පිරුණු  ගෙඩියකි.ඒ අනුව රෝගයට හේතුව සොයා ගැනීමට වෛද්‍යවරු සමත් විය. Pseudomonas aeruginosa නම් රුදුරු රෝගකාරක  බැක්ටීරියාව ඒ සඳහා වහකිවයුතු බව ඔවුන් අවසානයේ නිගමනය කලහ.

නමුත් ප්‍රශ්නය එතනින් අවසන් නැත .මෙම මාරාන්තික බැක්ටීරියාව සජීවී හිස්කබලක් තුලට ආසාදනය වූයේ කෙසේද??

පසුව රෝගියාගේ  ශ්‍රවන මාර්ගය සෝදිසි කිරීමෙන් අනතුරුව  කලින් භාවිතා කල Cotton bud කැබැල්ලක් සිරවී  ඇති බව සොයාගන්නා ලදී.බැක්ටීරියාව වර්ධනය වී ඇත්තේ ඒ මතයි.

මෙවැනි ආගන්තුක ද්‍රව්‍ය කන තුලට දැමීමෙන්  කන් බෙරය සිදුරු වීම මොළයෙහි ආසාදන සහ විවිධ ආසාදන ඇතිවන බව සොයාගෙන තිබේ. ඔබත් මෙය පුරුද්දක් වශයෙන් සිදුකරන අයෙක් නම් වහාම එය නවත්වා අනෙක් අයත් දැනුවත් කිරීමට පසුබට නොවන්න.


උපුටාගැනීමකි.


Comments