රටේ ජනගහනයෙන් සෑම තුන්දෙනෙකුගෙන් අයෙක්ට විටමින්-D ඌණතාවය





සූර්යාලෝකයට නිරාවරණය වන විට සමෙහි විටමින් D නිපදවෙන බව අප කුඩා කාලයේ පටන් ඉගෙනගන්නා  කරුණකි . එහෙත්, වසර පුරාම හොඳින් හිරු එළිය ලැබෙන සමකාසන්න රටක් වන ශ්‍රී ලංකාවේ සිදු කර ඇති සමීක්ෂණ මගින් හෙළිවන තොරතුරු ඇතැම්විට ඔබ විමතියට පත් කරන්නට ඉඩ තිබෙනවා.

එක් සමීක්ෂණයකට අනුව ලංකාවේ නාගරික ජනගහණයෙන් සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙකු (31%) විටමින් D ඌණතාවයෙන් (Vitamin D Deficiency) පෙළෙන අතර අඩකට වඩා (59%) පිරිසකගේ ශරීරයේ විටමින් D මට්ටම ප්‍රමාණවත් නැහැ (Vitamin D Insufficiency). දකුණු පලාතේ කාන්තාවන් අතර සිදුකළ සමීක්ෂණයකිනුත් මෙයට සමාන ප්‍රතිපලලැබී ඇති අතර අඩකට වඩා වැඩි පිරිසකගේ (56%) විටමින් D මට්ටම ප්‍රමාණවත්  නැති බව බව තහවුරු වී තිබෙනවා.

වයස 10 -18 අතර පාසැල් සිසුන් අතරත් ආසන්න වශයෙන් අඩකගේ පමණ (46%) විටමින් D මට්ටම ප්‍රමාණවත් ‍නැහැ. අප ආසාදන වලින් ආරක්ෂා කරන ප්‍රතිශක්තිය උපරිම මට්ටමෙන් පවත්වාගැනීමට උපකාරී වන, ශ්වසන රෝග වළක්වාලන, ශක්තිමත් අස්ථි සඳහා , මාංශ පේශි වල මෙන්ම මොළයේ  ක්‍රියාකාරිත්වයට  වැදගත්වන, කෙටියෙන් කිවහොත් සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී ජිවිතයකට ඉතා වැදගත්වන පෝෂකයක් මෙලෙස ඌණ වීම අපට සුලු කොට තැකිය හැකි තත්වයක් වන්නෙ නැහැ. 




                                                                                               ( Health Promotion Bureau)

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පණිවිඩයකි.




Comments