අද එළියට බහින්නේ පරිස්සමින්

                    

             අද දිනයේදී ලංකාවේ පළාත් 5කට මිනිස් සිරුරට අවදානමක් ගෙන එන මට්ටමේ උණුසුමක් දැනීමට ඉඩ ඇති බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව බස්නාහිර, දකුණ, උතුරු මැද, උතුරු හා වයඹ පලාත්වලට මෙම අවදානම නිකුත් කර ඇත. මිට අමතරව රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලට ද මෙම උණුසුම දැනිය හැකි බව ප්‍රකාශ කර තිබේ.

        අධික උණුසුම නිසා ඇතිවිය හැකි රෝග වළක්වා ගැනීම සඳහා, හැකිතාක් වායුසමනය කළ ස්ථානවල රැඳී සිටින්න, ඔබට පිපාසය දැනෙන්නේ නැතත්, හැකි තරම් දියර පානය කරන්න, ලිහිල්, ලා පැහැති ඇඳුම් අඳින්න, දවසේ උණුසුම්ම කාලය තුළ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් වළකින්න, උණුසුම් මෝටර් රථයක කිසි විටෙකත් ළමයින් හෝ සුරතල් සතුන් නොසැලකිලිමත් ලෙස තබන්න එපා.




Comments