අතින් ආහාර ගැනීමට දිරිගන්වන්න

 👉ඔබේ දරුවාට තනිව කෑම ගැනීමට ඉඩ දෙන්න ( ගෙදරදී මෙන්ම ගෙදරින්  පිටතදීත් )


👉අතින් ආහාර ගැනීමට දිරිගන්වන්න සහ ඔවුන් එසේ කරද්දී  ප්‍රශංසා කරන්න.


👉හැඳි ගෑරුප්පු වැනි මෙවලම් භාවිත කිරීමට දරුවාට හඳුන්වාදී  දිරිමත් කරන්න.


👉ආහාර ගන්නා අතරතුර ඔබේ දරුවා ගැන අවධානයෙන් ළඟින් සිටින්න, දරුවා කෙරෙහි විශ්වාසය තබන්න.


👉මුල් කාලයේදී දරුවා අපිළිවෙලට ආහාර ගැනීම සහ කන තැන කෑම හැලී අපිරිසිදු වීම බලාපොරොත්තු වන්න සහ එයට සූදානම් වන්න.



👉ගෙදරින් පිට තැනක ගොස් ආහාර ගැනීමේ දී හැලෙන්නේ නැති, විසිරෙන්නේ නැති කෑම තෝරා ලබාදෙන්න.


👉පවුලක් ලෙස එකට ආහාර ගන්න මතක තබා ගන්න.



👉ළදරුවන් තම දෙමාපියන් අනුකරණය කරමින් ඉගෙන ගනියි, එම නිසා සෑම විටම ඉවසිලිමත්ව දිරිමත් කරන්න.


Comments