වෙරළු වල ශරිරයට හිතකර මේද වර්ග තිබෙනවා. හෘද කපාට, ධමනි යනාදියට සිදුවන හානිය එමගින් වැළකෙනවා. අධික රුධිර පීඩනය අඩු කරන්නටත් වෙරළුවලට හැකියි.එසේම අඩු කොලෙස්ටරෝල් මට්ටම් පවත්වාගෙන යෑමටත් වෙරළුවලට මිනිස් සිරුර තුළදි කරන්නට පුළුවන්. එම ක්‍රියාවලිය සිදුකරනනේ වෙරළු තුළ තිබෙන Olec ඇසඞ් නමැති සංඝටකයයි.ඒ වගේම ශරීරයේ හට ගන්නා විවිධ වේදනාවන් නැති කරන වේදනා නාශකයක හැටියටත් වෙරළු සිරුර තුළදි ක්‍රියාත්මක වෙනවා. උදරය, මහාන්ත්‍රය, පියයුරු යන තැන් වල හට ගන්නා පිළිකාව නැති කිරීමට වෙරළුවලට පුළුවන්. ලොව තිබෙන පිළිකා නාශක පලතරු අතුරින් අංක 1ට එන්නේ වෙරළු.
දීනකට වෙරළු කොපමණ සංඛ්‍යාවක් ආහාරයට ගතයුතුද?
දිනකට හොඳට ඉඳුණු වෙරළු 15ක් විතර ආහාරයට ගත යුතුයි. උදේ, දහවල්, සවස ඕනෑ වෙලාවක කමක් නැහැ. හැබැයි රාත්‍රියට ආහාර ජීර්ණය වීම ප්‍රමාද නිසා රෑට වෙරළු කෑවොත් ප්‍රතිඵල ලැබෙන්නේ ප්‍රමාදවෙලා.
ගුණ
🌼එහි ඇති අධික සිසිල් ගුණය නිසාම රත් පිත් නසයි.
🌼එමනිසා බඩ දැවිල්ල පිත් වමන සර්වාංග දාහය නැති කරයි
🌼. එහි ඇති ගුණය නිසා සම පැහැපත් කරයි. ලප කැළැල් නැතිකර සමේ වියළි බවින් නැතිකරයි.
🌼ඇස්වල දීප්තිය ඇතිකරයි.
🌼මළබද්ධය වළක්වාලයි
♦විටමින් බහුල පලතුරක් නිසා හිසකෙස් වැටීම වළක්වාලයි. හිසකෙස් වර්ධනය ඇතිකරයි. දීප්තිය ඇතිකරයි. විටමින් බහුල නිසාම රක්ත අල්පතාවය අඩු කරයි. ගර්භණී මව්වරුන්ට
උදා .වමනය නැතිකිරීමට මෙම පානය සමත්ය.
♦කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යෑම, මුත්‍රා රෝග (මුත්‍රා දාහ) ආදියට ඉතා හොඳය.
♦රක්තවාත ඇති අයට ශෝහය (ඉදිමුම) මෙන්ම දාහය ද නසාලීමට මෙම පානය සමත්ය.
👉විටමින් ‘සී’ බහුල පලතුරක් බැවින්
🤔දත් රෝගවලට වඩාත් හිතකරයි.
🤔පණු රෝග නසාලයි.
අගුණ වන අවස්ථා
බොහෝ විට අගුණ වන අවස්ථා දුර්ලභය. කුඩා දරුවන්ට පවා හිතකර පලතුරක්ය. නමුත් සමහර විට සෙම් බහුල අයට අගුණ විය හැකිය.
එහි අඩංගු දෑ
විටමින් ‘සී’, පොටෑසියම්, කැල්සියම්, ඛනිජ ලවණ, කාබෝහයිඩ්‍රේට්, පොස්පරස්, ජලය, සීනි ආදියෙන් බහුලය.
උපුටා ගැනීමකි ✍
Comments
Post a Comment