දැඩි උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදන

 

පසුගිය දින කිහිපය පුරාම කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් දිවයිනේ ප්රදේශ කිහිපයකටම දැඩි උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා. මේ වගේ කාලයකදී අපේ ශරීරයේ "පිත්ත දෝෂය" අධික ලෙස කිපෙන්න පුළුවන්. ඒ නිසා නිකම්ම වතුර බීලා විතරක් මදි, අපේ දෛනික පුරුදු කිහිපයකුත් වෙනස් කරගන්න ඕනේ.
​ඔබේ සෞඛ්යය වෙනුවෙන් මෙන්න වැදගත් කරුණු කිහිපයක්,

* කෘමි සතුන් සර්පයන් ආදී සතුන්ගෙන් ප්රවේසම් වන්න.මොකද මේ කාලෙදි සතුන්ගේ විස අපේ ඇඟට දැනෙන ප්රමානය අනෙකුත් කාල වලට වඩා වැඩි.
* යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වලදී කෝපය පාලනය කරගන්න.මිනිසුන් සමග කොයි වෙලාවකත් ගැටෙන්නට යන්න එපා.(අනිත් කාලාවලත් එපා. හැබැයි මේ කාලේවිශේෂයි)
* අනවශ්ය විදිහට යම් දෙයක් ගැන එක දිගට සිතන්නට යන්න එපා.
* ඔබට සුලුවෙන් හෝ ඇලජික් වෙන ආහාර හෝ යම්දෙයක් වේ නම් ලගින්වත් යන්න එපා.ඈත් කරලම තියන්න.
* අව්වේ යන විට අව් කන්නාඩි භාවිතා කරන්න.
* පොදු වැසිකිළිවල වැඩි වේලාවක් ගත කරන්න එපා.මොකද අධික හිරු රශ්මිය නිසා විවිධ විස වායූන් වර්ග වැඩි සාන්ද්රණයකින් වෙනදාට වඩා නිපදවන නිසා.
* ​පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර වතුර පානය කරන්න.
* පාසල් යන වයසේ කුඩා ළමුන් සිටී නම් පිටියේ ක්රියාකාරකම් හවස් වරුවට කිරීමට උපදෙස් දෙන්න.
* ​තැඹිලි, කුරුම්බා, බෙලි මල් තැම්බූ වතුර, රණවරා මල් පානය සහ ඉරමුසු වැනි දේ ඉතාමත් ගුණදායකයි.
* කැද පානය කරන්න.​දහඩිය සමඟ සිරුරෙන් පිටවන ලවණ නැවත ලබා ගැනීමට කැඳ වර්ග උදව් වෙනවා.
* ​පිපිඤ්ඤා, කැකිරි, පතෝල, වැටකොළු සහ බණ්ඩක්කා වැනි සිරුර සිසිල් කරන එළවළු වැඩියෙන් ආහාරයට ගන්න.
* ​කොමඩු, පැපොල්, නාරං සහ දොඩම් වැනි පලතුරු සිරුරේ තෙතමනය රඳවා ගැනීමට උදව් වෙනවා.
* ​අධික ලෙස මිරිස් සහ කුළුබඩු යෙදූ ආහාර, රතු මස්, බලමාළු සහ ඉස්සන් වැනි "උෂ්ණාධික" ආහාර මේ දිනවල සීමා කරන්න.
* දහවල් කාලයේ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී, හැකි තාක් සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින්න.



* ශරීරයට වාතාශ්රය ලැබෙන සැහැල්ලු කපු ඇඳුම් (Cotton clothes) ඇඳීමට උත්සාහ කරන්න.
* දිනකට දෙවරක්වත් ස්නානය කිරීමෙන් සිරුරේ උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන්. (හැබැයි තද අව්වේ ගිහින් ආපු ගමන්ම නාන්න එපා).
* කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිදන්ගත රෝග ඇති අය ගැන මේ දිනවල වැඩිපුර විමසිලිමත් වන්න. අධික නිදිමත, ක්ලාන්තය හෝ අධික පිපාසය වැනි ලක්ෂණ ඇත්නම් මොකටත් කියල වෛද්ය උපදෙස් ලබ

Comments