වැඩිහිටියන් විදිහට කුඩා දරුවන් මේ තත්වයෙන් මුදවා ගන්න එක අපි හැමදෙනාගේම වගකීමයි.වස විස(poison) තිබෙන බෝතල්, කුප්පි , භාජන වගේ දේවල් දරුවන්ට ගන්න බැරි උස ස්ථානයක තැබීම කල යුතුයි. කෙනෙක් වසක් විසක් බිව්වොත් අපි අනවශ්‍ය විදිහට කලබල නොකල යුතුයි. අපි කල යුත්තේ හැකිතාක් අදාළ පුද්ගලයාට ජලය පානය කිරීමට ලබා දී වමනය කරවීමයි. නමුත් මේ දේ සෑම ආම්ලික විෂ ද්‍රව්‍යකටම අදාල නොවේ.ඊට හේතුව වමනය කරන විට විෂ උඩට පැමිණිමෙන් ශරීරයේ අනිත් ඉන්ද්‍රියන් පිළිස්සීමට ලක්වීමයි.මේ අවස්ථාවේදී කල යුත්තේ හැකි ඉක්මනින් රෝගියා රෝහල් ගත කරවීමයි.රෝහල් ගත කරන විට පානය කල වස තිබෙන බෝතලය, කුප්පිය, භාජන සහ ඒ ආශ්රිත තොරතුරු රෝහලට ඉදිරිපත් කල යුතුයි.
Nice article
ReplyDelete